Pages

Wednesday, March 4, 2009

නිවන් දැකීම.


ලියන්න අලුත් දෙයක් නැති නිසා පරණ කතාවකින් පටන් ගන්නව. ඇත්තම කියනව නම් මේක අවුරුදු ගානක් පරණයි. බුදුන් වැඩියාය කියන අපේ පින් බිමේ ජීවත් වෙන හුඟක් දෙනෙකුගේ එකම පැතුම දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිර්වාන සම්පත්තිය උදා කරගැනීම විතරයි. ඉතින් ඒ වෙනුවෙන් වන ගත වෙලා භාවනා කිරීමේ සිට මහා සංඝගත දක්ෂිණා දක්වා එක එක ජාතියේ පින් කං කරනව. අපි කියමුකෝ සියලු පෘතග්ජන අශාවන් වලින් මිදුනු තැන ඔය ලැබෙනවායැයි කියන නිවන ලැබෙනවා කියල. ඒත් මට තියෙන ගැටළුව කොහොමද මේ සියල්ලෙන් මිදෙන්නෙ කියන එක. ඉපදිලා යම් කිසි කාලයකට පස්සෙ අපි වචනත් එක්ක ගනු දෙනු කරන්න පටන් ගන්නව. එදා ඉඳන් ඒ ඉපදුනු එකාගෙ ජීවිතේට එක එක ජාතියෙ දේවල් එකතු වෙනව. කවදාවත් අඩු වෙන්නෙ නෑ. ඉතින් කොහොමද මේව අත් අරින්නෙ? ඒ හැමදෙයක්ම අත් අරින්න නම් මම කියන්නෙ ඒ හැම දෙයක්ම අමතක වෙන්න ඕනෙ කියල. එතකොට ආශාවල් නෑ නේද? "වේදනාව" කියන වචනෙ නැත්නම් කෝ වේදනාව? ඒ නිසා මම හිතන්නේ අපි හැමෝම ඉපදුනේ ඔය කියන "නිවන" දැකගෙනමයි. දැන් මේ කරන්නෙ එකෙන් පුළුවන් තරම් ඈතට යන එකයි. මේක හිතෙන්න මට උදව් වුණු යාළුවන්ට ස්තුතියි.

No comments:

Post a Comment