Thursday, November 5, 2009
ඔබම නමක් කියන්න. 8 කොටස
අපේ ගෙවල් ළඟ බස් හෝල්ට් එකත් එක්කම පාරෙන් එහා පැත්තෙ මම නිතරම සිගරට් ගන්න යන පෙට්ටි කඩේ එලියෙ තියල තියෙන පුටුවක මම වාඩි වෙලා හිටිය. අසෝක වීදුරුවක දාල තිබුන ප්ලේන්ටි බාගෙ තාමත් මගෙ අතේ. මහ දවල් ගිනි රස්නෙ මුහුණට වැටෙන එක වළක්වන්න මම බිම ගලාගෙන හිටිය නිසා ඔළුවෙ ඉස්මුදුන ඉරේ ගිනි එළියෙන් බේරුනේ නෑ. නිකමට වගේ මම ඔළුව උස්සල බස් හෝල්ට් එක දිහා බැලුව. ළමා සාරියක් ඇඳගත්තු තරුණියක් පාරෙ එහා පැත්තෙ ඉඳන් මම ඉන්න පැත්තට මාරු වෙන්න බලාගෙන ඉන්නව මම දැක්ක. මම ආයෙත් මගේ ප්ලේන්ටිය දිහා බැලුව.
දෙයියනේ..... අර කෙල්ල! ඔව් මේ අර කෙල්ල තමයි.
මම මොහොතක්වත් අපතේ යවන්නෙ නැතුව ආයෙත් ඒ කෙල්ල දිහා බැලුව. ඔව්, ඔව්.. මේ ඒ කෙල්ලමයි. දෙයියනේ මම බලාපොරොත්තුවෙන් හිටිය ඒ කෙල්ල. ඉරේ ගිනි එළිය ඇගේ ළමා සාරියෙ වැදිල ආයෙත් මගේ ඇස් දෙකට වැදුනෙ හරියට ඊතල වගේ. ඒ ඊතල දරා ගන්න බැරි නිසා මම අහක බැලුව. ඒ ඊතල වලින් ඇස් බේරගන්න මම ඇගේ කකුල් දිහා බැලුව. ඒ මොහොතේ ලෝකයම දුවන වේගය සියයට පණහකින් අඩු වුනා වගේ මට දැනුන. අඩියෙන් අඩිය ඇය ඉදිරියට තිබ්බෙ චිත්‍රපටියක ස්ලෝ මෝශන් දර්ශණයක වගේ. දෙයියනේ මේ කෙල්ල දාගෙන ඉන්නෙ උස් අඩි තියෙන කළු ලෙදර් සපත්තු දෙකක්. ඇය තියන්නෙ දුරස් අඩි. මේ දුරස් අඩි නිසා ළමා සාරියෙ ඉස්සරහින් එක පිට එක වැටුනු පොටවල් දෙක ඈත් වුනා. එතකොට මම දැක්ක ඒ කළු ලෙදර් සපත්තු ඇගේ දණිස් දක්වාම වසාගෙන තියෙන විදිය. ලෝකය තවමත් දුවන්නෙ අඩු වේගයකින්. ඒත් මම වේගවත්. පාරේ දෙපැත්තෙන්ම ආපු හැම වාහනයක්ම ඇයට පාර පනින්න නවත්තගෙන ඉන්නව. පාරේ වෙන කිසිම මනුස්සයෙක් නෑ. ඉරේ ගිනි ඊතල දරාගෙන මම ඇගේ මුහුණ දිහා බැලුව. ඇයට අත්තටු තිබ්බ..ඇත්තමයි ඇයට අත්තටු තිබ්බ. අසෝක වීදුරුව මට අත ඇරුණ. ඇගේ අත්තටු, දැන් ලෝකය කැරකෙන වේගයටත් වඩා අඩු වේගයකින් සෙලවුණා. මාව මහ පොළවට කඩාගෙන වැටුන. මහ පොළවෙ මට දණ ගැහුන. ඇගේ දකුණු අතේ පත්තු කරපු සිගරට් එකක් තිබ්බ. ඇය ඒක ඇගේ දෙතොල් මැද තියාගෙන දුම් උගුරක් ඇද්ද. ඒ දුම් උගුර අදිනවත් එක්කම ඇගේ මුහුණ දුම අතරේ ගිලී ගියා. දුරස් අඩි තිය තිය ඇය පාරෙන් මෙහා, මම ඉන්න පැත්තට ආව. මට ඒක දරා ගන්න බැරි වුනා. ඇගේ ළමා සාරියෙන් මගේ පැත්තට හරවා එවුනු ගිනි ඊතල ආයෙත් මගේ ඇස් හිල් කළා. මම අත්දෙකින්ම මගේ මූණ වහගෙන ඔළුව පොළවේ හප්පගත්ත. මගේ ඇඟිලි, නළල හීරෙන තුරු, තුවාල වෙන තුරු මම ඔළුව පොළවෙ හප්පගත්ත.
මේක මම ඊයෙ රෑ දැකපු හීනය.
පෙට්ටි කඩේ ළඟදි මුණගැහුනු, තවමත් මට නම මතක්කරගන්න බැරි මිත්‍රයා ගැනත්, මගෙන් සිගරට් එකක් ඉල්ලපු කෙල්ල ගැනත් හිත හිත නින්දට වැටුනු මම දැකපු හීනය. අද ඔෆිස් එකට ආපු වෙලාවෙ ඉඳන් මගේ හිතේ හොල්මන් කරන්නෙ ඒ හීනය. දැන් 10.30ත් පහුවලා. උදේට එන ප්ලේන්ටිය මගේ මේසෙ උඩ සීතල වෙලා. උදේට ආපු ගමන් පුරුද්දට කම්පියුටර් එක ඔන් කළත්, තමන්ගෙ වැඩේ ආරම්භ කරන්න ඒක් තාමත් මගෙන් පාස් වර්ඩ් එක ඉල්ලනව. මට ඒක ගහන්න අමතක වෙලා. මම පාස් වර්ඩ් එක ගහල ඒකට ඔන් වෙන්න ඉඩ දීල, මගේ හීන ලෝකයෙන් මිදිල වට පිට බැලුව. ළඟම එහා මේසෙ හිටපු යාළුව මගේ දිහා බැලුව.
"මොකෝ බං තාම වෙරිද?"
"පිස්සුද බං, වෙන සීන් එකක්. ඔළුව පොඩ්ඩක් අවුල්"
මම උත්තර දුන්න. යාළුව පුටුවෙන් නැගිටින ගමන් ආයෙත් මට කතා කළා.
"දුමක් දාමුද?"
"උඹ බීපන්, මට පොඩි වැඩක් තියෙනව"
මම එහෙම කිව්වෙ ඇයි කියල මම දන්නෙ නෑ. කොහොම වුණත් ඒ උත්තරය නිසා ජීවත් වෙන ලෝකෙන් ආයෙත් මගේ හීන ලෝකෙට යන්න මට අවසර ලැබුන. මට නිකමට හිතුන මම ඒ හීනය කළින් දැකල තියෙනව කියල. මොකක් හරි ක්‍රමයකින් මම කළින් විඳපු අත්දැකීමක් නැවත හීනයක් හැටියට මම දැක්ක කියල මට හිතුන. ඒත් මොකද්ද දෙයියනේ මේ හීනෙ? මොකද්ද ඒකෙ තේරුම? ඇයි මම එහෙම හීනයක් දැක්කෙ?
(ලියන්නෙම නෑ කියල හිතාගෙන හිටියත් මට දැන් හිතෙනව මේක දිගටම ලියන්න.)
Subscribe to:
Post Comments (Atom)
දැන් නම් කිසි කෙනෙකුට කතාව මතකත් නැතුව ඇති. ඒකට ඉතින් වගකියන්න ඕනෙ මමම තමයි. කතාව අමතක, නමුත් නැවත කියවන්න කැමති කෙනෙකුට ලේසි වෙන්න බ්ලොග් එක ඉහළ දකුණු කළවරේ මම පරණ කොටස් වලට කෙටි පාරවල් දැම්ම.
ReplyDeleteජය!
Shocking!!!!!
ReplyDeleteහරි වෙනස් සඳුන්.., මේක මේ කියවන්නෙ කාලෙකට පස්සේ උනත්.., අද බලනකොට මට කතාව ගැන දැනුනු විදිය හරිම වෙනස්...! මේක ඇත්ත සිදුවීමක් ද? එහෙම අහන්න මගේ හිත බල කලත් මම නොහා හිටියේ කතාව උඹ අතින් ඒ නිසාවෙනස් වෙයි ද කියලා බයෙන්..., ඒත් ඒක අහන එක මගේ හිතට ගුණ දායකයි කියලා හිතුනු වෙලාවේ මගෙ හිත ආයි වෙනස් වෙන්න කලියෙන් මම මේ කොමෙන්ටුව ගහන්නේ ඒකයි..!
ReplyDeleteලස්සනයි කතාව මඟ නවත්තලා යන්න එපා ආයෙත්..,
ජය...!
මම දවසකුත් චැට් එකක් දැම්මේ ඇයි උඹ කතාව ලියන්නේ නැත්තේ කියලා.....දිගටම ලියපන් කොල්ලෝ.....
ReplyDeleteසින්ඩියට ආයේ ඉල්ලුම් කලාද?
sigga gahana kella enter wenne kohomada kiyala mama kalpana kara kara inneeeeeeeeeee........
ReplyDeleteපිස්සුද අමතක වෙනවාද එහෙම කොයි තරම් විරොදතා එල්ල වුනු කථාවක්ද? හික්! ඇත්තටම මට හිතා ගන්න බෑ තම..! ළමා සාරි ඇදලා කළු ලෙදර් සපත්තු දාලා සිගරට් බොන ළමයෙක්..! මං මෙයාගේ කෙණ්ඩේ ටිකක් රත්තරං පාට වගේ කරලා හිතා ගන්නද? ඊලග පියවර එනකම් මට හිතන්න බෑ.
ReplyDelete@ සචී> පපුවෙ අමාරුවක් එහෙම හැදුනෙ නෑ නේද?
ReplyDelete@ LishWish> උඹේ ප්‍රශ්ණෙට උත්තරේ බලධාරියා විසින් කපා හරින ලදී.
@ චමී.දේ.වා.> ඔව් මචං මම ආයෙත් ඉල්ලුම් කළා.
@ Anjana> මරු මරු!!!
@ malee_msg> අවුලක් නෑ එහෙම හිතාගන්න. අමතක නොකරපු එක ලොකු දෙයක්.
මේ බ්ලොග් පෝස්ට් එක සින්ඩිකේටරයට ගියේ නැති නිසා වැඩි දෙනෙක් කියවන එකක් නෑ. ඒ නිසා කලින් මේ කතාවට කමෙන්ට් කරල තිබ්බ කීපදෙනෙකුට මම මේල් කලා.
කියවපු හැමෝටම ස්තුතියි.
ජය!
ආ..මේ සිගරට් බොන ගෑණු ළමයගේ කතාවනේ..අමතක වෙන්නේ කොහොමද..:-D
ReplyDeleteකතාව දිගටම ලියන්න..මාත් ආසවෙන් කියවනවා ..
මේ කතාව හින්දා මා හා සඳුන් අතර ලොකු ෆිට් එකකුත් ඇති උනා. කතාවෙ ඉන්න අපිව ෂොක් කරන කෙල්ල මම කාලෙක ඉඳන් දැනන් උන්නා වගේ.. මේ කතාව මග හිටියාම මට දැනුනු දුකත් එසේ මෙසේ එකක් නෙමෙයි. ඒක සඳුන් දන්නවා. මගේ කරදරේ මේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙ නෑ කියල චුරු චුරු ගාපු හින්දා.
ReplyDeleteදිගටම ලියන්න අතරමග දාල ගියොත් ගුටි තමයි.
පිස්සු කතාව ආයෙත්.. මම හිතුව සිගරට් බීලම මැරිල කියල. තාම පනපිටින්.
ReplyDeleteඊලඟ කොටසත් දන්වන්න.
Nodaruwa......ilanga kotasa liyannako!!
ReplyDelete:-*
නොදකිං මම දැක්කේ නෑ නෙව මේ කතාව! මුලින් බණක් දැම්මට සත්තයි අප්පා මමට මේකට "ලයික්", රගීට වගේම උඹත් එක්ක ෆිට් එකක් හදා ගත්තේ මේ කතාව නිසා නේද? මතකද තෝට එදා මම අයියේ අයියේ කියලා බැරි බැරියාව ගහපු දවස්? (හිනා)
ReplyDeleteඅඩෝ තෝ එක්ක බහක් එක්ක දැම්මෙත් නෑ නෙව කාලෙකින්! අමුතු කතාවක් වෙනුවෙන් පොඩි එව්වා දැම්මා මිස. වේලාවක තුන් දෙනා (ලිෂානයියා එක්ක) සෙට් වෙමු.
දිගටටම ලියපං පුතේ, නැවැත්තුවොත් තෝව පුස්සනවා! ;o)
ko 9 weni kotasa???
ReplyDeleteඕන්න වෙලාවක් අරගෙන ඔක්කම කියෙව්වා.. මේක නතර කරන්න නම් හිතන්නවත් එපා...
ReplyDeleteමේකත් නිකන් දුමක් වගේ කතාවත්ද කොහෙද? හරිහමන් හැඩතලයක් නෑ. ඒ වුනාට ලස්සනයි. කලාවක් තියෙනවා
ReplyDelete