Pages

Wednesday, November 18, 2009

නිකමට වගේ යුනිකේත

පහුගිය දවසක මට අහම්බෙන් වගේ තේරුනා "නිකමට වගේ" බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයෙන් ඉවත් වෙලා කියල. ඉතිං මේ ගැන දන්න කියන යාළුවන්ට එහෙම මම හොඳට වාතයක් වුනා. වරදක් හොයාගන්න බැරි තැන සිංහල බ්ලොගර්ස් ගෲප් එකට මේල් දාලා, ඇඩ්මින් කෙනෙකුට ෆේස්බුක් පණිවිඩ දාල අරව මෙව්ව කරල ආයෙත් සිංහල බ්ලොග් කියවනයට ඉල්ලීමක් ඉදිරිපත් කළා, "නිකමට වගේ" සිංහල බ්ලොග් කියවනයට ඇතුළත් කරන්න කියල. ඉතිං ඔන්න සති එකහමාරකට විතර පස්සෙ මට අද පිළිතුරක් ලැබුන. මෙන්න ඒ පිළිතුර හරහා ඇතිවුණ නිල සංවාදය.

ඇඩ්මින්වරයා - 
චායාරූප වල සිංලෙන් ලියූ බ්ලොග් ඇතුලත් කල නොහැක, සිංහල යුනිකේත යොදාගත් බ්ලොග් පමණයි ඇතුලත් කල හැක්කේ.


මගේ පිළිතුර - 
දින ගණනක් මග බලාගෙන හිටපු උත්තරය මේ වෙලාවෙ ලැබුන එක ගැන හරිම සතුටුයි මිත්‍රයා.

උපුටා ගැනීම - මගපෙන්වීම හා නීතිරීති
"2. ඡායාරූප පමණක් හා සිංහල අන්තර්ගතය අඩු අඩවි ඇතුලත් නොකෙරේ. (ඡායාරූප බ්ලොග් එකක් නම් සිංහල අන්තර්ගතයක් ඇතුළත් විය යුතුයි.)"

මේකෙ හැටියට නම් ඡායාරූප විතරක් තියෙන බ්ලොග් පවා ඇතුළත් කරනව සිංහල අන්තර්ගතයක් තියෙනව නම්. ඒ වගේම මගේ බ්ලොග් එකට ගියොත් පෙනේවි ඒකෙ තියෙන්නෙ "
ඡායාරූප වල සිංලෙන් ලියූ"  දේවල් විතරක් නොවෙන බව. බ්ලොග් එක තුළ මම පවත්වගෙන යන කතාව "ඔබම නමක් කියන්න" ඇතුළු අනිත් හැමදෙයක්ම ලියවෙන්නෙ සිංහල යුනිකේත වලින්. ඒ වගේම මම ඇතුළත් කර ඇති සියළුම ඡායාරූප තුළ ඇත්තේ සිංහල අන්තර්ගතයක් කියලයි මම හිතන්නෙ. මොනව වුණත් පිළිතුරක් එවීම ගැන හරිම සතුටුයි. ඒ වුණත් මට තියෙන ගැටළුව මගේ බ්ලොග් එක ඉවත් කරන්න මෙච්චර කාලයක් ගියේ ඇයි කියන එක. කමක් නෑ හැමෝම කාර්ය බහුල ඇති. එ වගේම මට හරිම සතුටුයි මම ලියල තියෙන දේවල් "චායාරූප වල සිංලෙන් ලියූ" දේවල් හැටියට සැලකීම ගැන. මම හිතුවෙ එව්ව "කවි වෙන්නැති" කියල.

උපුටා ගැනීම - මගපෙන්වීම හා නීතිරීති
"6. බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට සුදුසු දැයි තීරණය කිරීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කලමණාකරුවන්ට අයිතියක් ඇත.
7. ඔබ ඇතුළත් කරන අඩවියට එරෙහිව පැමිණිල්ලක්, නීති/රීති උල්ලංඝණයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව තීරණය කළමනාකාරිත්වය සතුවන අතර, ඒ බ්ලොග් අඩවිය සින්ඩිකේටරයට නුසුදුසුයැයි තීරණය වුවහොත් ඉවත් කෙරෙනු ඇත."

මේ අනුව තීරණය ඔබ සතු වන අතර, මෙයට පිළිතුරක් ලබා දීමට කාරුණික වන මෙන් ඉල්ලමි.


ඇඩ්මින්වරයා - 
හිතවත් සදුන්,

"1. ඇතුළත් කළ හැක්කේ සිංහල යුනිකේත මගින් ලියූ සිංහල බ්ලොග් අඩවි පමණි."

එක මග හැරිලා නේද ? Photo වල සිංහලින් ලියපුවහම ඒක සිංහල යුනිකේත වනේ නෑ. අනික එකක්, දෙකක් පොස්ට් සිංහලෙන් ලියපුගමන් බ්ලොග් එක සිංහල යුනිකෝඩ් වෙනේ නෑ. photo එක දාලා ඒකට යටින් සිංහල යුනිකේත වලින් ලිවුවනම් මේ ගැටලුව නෑ.


"2. ඡායාරූප පමණක් හා සිංහල අන්තර්ගතය අඩු අඩවි ඇතුලත් නොකෙරේ. (ඡායාරූප බ්ලොග් එකක් නම් සිංහල අන්තර්ගතයක් ඇතුළත් විය යුතුයි.)"

මෙයින් අදහස් කරනේ සිංහල යුනිකේත මගින් ලියපු. කියන එක මිසක් photo එකක් ඇතුලේ හෝ වෙනස් සිංහල ලියන විදියකින් ලියපු කියන එක නොවෙයි.

මගේ පිළිතුර -
ඔව් මිත්‍රයා මම
"1. ඇතුළත් කළ හැක්කේ සිංහල යුනිකේත මගින් ලියූ සිංහල බ්ලොග් අඩවි පමණි."
කියන එක මග හැරීමට හේතුවක් තියෙනවා.

මම තේරුම් ගන්න විදියට යුනිකේත කියන්නෙ මේ වෙනකොට අන්තර්ජාලයේ සිංහල භාවිතා කරන හැමකෙනෙකුටම පොදු දෙයක්. ඒ නිසා යුනිකේත වලින් ලිව්වම හැමකෙනෙකුටම කිසිම ගැටළුවක් නැතිව කියවන්න පුළුවන්. මම හිතුවේ ඔබ සංගමය පෙනී සිටින්නේ අන්තර්ජාලය තුළ සිංහල භාවිතය වෙනුවෙන් කියල. අන්තර්ජාලය තුළ සිංහල භාවිතය පහසු කරවීමට බිහි වුණ මෙවළමක් හැටි‍යට යුනිකේත හඳුන්වන්න පුළුවන්. දැන් ඔබ මේ කියන කතාව මම තෙරුම් ගන්නේ ඔබ සංගමය අන්තර්ජාලය තුළ යුනිකේත භාවිතය වෙනුවෙන් පෙනීසිටිනවා පමණයි, යනුවෙන්. මම මගේ බ්ලොග් එක තුළ සිංහලෙන් ලිවීම සඳහා යුනිකේත හැර වෙනත් කිසිම අකුරු වර්ගයක් භාවිතා කරල නෑ.

පින්තූරයක් මත යමක් ලිවීම මම අදහස් ප්‍රකාශ කරන මාධ්‍යය. මම නිර්මාණයක් බිහිකරන මාධ්‍යය.

"photo එක දාලා ඒකට යටින් සිංහල යුනිකේත වලින් ලිවුවනම් මේ ගැටලුව නෑ."

මිත්‍රයා මේ විදියේ දෙයක් ඔබ ප්‍රකාශ කිරීම තුළම මම තේරුම් ගන්නා සත්‍යය නම් ඔබේ රසවින්දනයේ ගැටළුවක් තියෙන බව. ඒ නිසා තවදුරටත් මේ ගැන මම ඉල්ලීම් ඉදිරිපත් කරන එකේ තෙරුමක් නෑ කියල මට හිතෙනව. අලියා මෙහෙයවන්න හෙණ්ඩුව ඕනෙ. එහෙමයි කියල අපි හෙණ්ඩුව ගැන වර්ණනා කරන්නෙ නෑ මිත්‍රයා. අලියා තමයි වටින්නෙ. අන්තර්ජාලයේ යුනිකේත භාවිතය ගැන නෙමෙයි, සිංහල භාවිතය ගැන පෙනී සිටින්න. යුනිකේත ඒකට මෙවළමක් කරගන්න. 


ඇඩ්මින්වරයා - 

හරියට හරි, අපේ උත්සාහ කරනේ සිංහල යුනිකේත බාවිතය වැඩිකිරීම මගින් සිංහල වෙබ්(බ්ලොග්) අඩවි වැඩි කිරීම. Photo එකක සිංහලෙන් ලියන්න යුනිකේත ඕනේ නෑ. යුනිකේත එන්න කලින්ම උනත් ඒක කරන්න හැකියාව තිබුනා, අපේ පරමාර්ත ඒක මගින් සිදුවෙන්නේ නෑ.

සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කරේ නෑ කියනේ ඔබේ අදහස් ප්‍රකාෂකිරීමේ අයිතිය නැති කිරීමක් නොවෙයි, එයට ඇතුලත් කරේ නෑ කියලා බ්ලොග් අඩවිය අන්තර්ජාලයේ නැතිවෙන්නේ නෑනේ.
 

මගේ පිළිතුර - 
බොහොමත්ම ස්තුතියි මිත්‍රයා.
                      -----------------------------





මේ හේතුව නිසා මම නිකමට වගේ ලියන දේවල් එම සින්ඩිකේටරයේ මීට පස්සෙ අප්ඩේට් වෙන්නෙ නෑ. ඇත්තටම එම සිංහල බ්ලොග් කියවනය හරහා සිංහල බ්ලොග් ලියන පිරිසට ලොකු සේවයක් වෙනව. ඒක මම ඉහළින්ම අගය කරනව. ඒ වගේම මෙච්චර කල් වැරදීමකින් හරි "නිකමට වගේ" බ්ලොග් එක එම බ්ලොග් කියවනයේ තිබ්බ නිසා මම ලියන දේවල් කියවන්න නිරන්තරයෙන්ම පිරිස මේ පැත්තට ආව. ඒ නිසා "නිකමට වගේ" බ්ලොග් එක එයින් ඉවත් කරන්න මේච්චර කල් ප්‍රමාද කිරීම ගැන මම නැවතත් ස්තූතිවන්ත වෙනවා. 

ජය! 

27 comments:

  1. ඔයාගේ සටහන කියවද්දි නම් හිතෙනවා , මෙතන පොඩි අවුලක් වගේ කියලා..

    මට හිතෙන හැටියට ඔයාගේ බ්ලොග් එකේ අන්තර්ගතය සිංහල යුනිකේත නේ. කතාව ලියන්නේත් .. photos වල ලියන්නෙත්..

    ඒත් ඉතින් සිංහල බ්ලොගර්ස් ගෲප එක කියනවා නම් ඉතින්..නේද...හ්ම්ම්ම්...


    මගේ බ්ලොග් එක නම් සින්ඩිකේටරේට ගත්තෙ නැත්තෙ, 6 හෝ 7 නීති මත කියලා මම හිතන්නේ.
    වෙන හේතුවක් නම් මට හිතා ගන්න බෑ

    බ්ලොග් එක පටන් අරන් මාසයක් වගේ කාලෙකින් , පැමිණිල්ලක්, නීති/රීති උල්ලංඝණයක් වෙලා තියෙනවද කියන එක නම් ටිකක් හිතන්න අමාරු නිසා , නීති අංක 7 , එච්චරමත් මට අදාල නෑ කියලත් හිතෙනවා.

    කොහොම වුනත් , ඔබට ජය! අර අමුතු කතාවෙ ඊළග කොටස කියවන්න බලන් ඉන්නවා.. ;-)

    ReplyDelete
  2. ඔච්චර ගනන් බලන්න ඕනේද ගෘප් එකකට දාගන්න. මට නම් පෙනන විදියට පින්තූර තිබුනට ගොඩක් අන්තර්ගතය සිOහලෙන් තියෙන නිසා ඔබේ වරදක් නෑ. ඒක ඔවුන්ගේ බූදලය නිසා ඔබට බලපෑම් කිරීමට අයිතියකුත් නෑ. මොනවවුනත් බලන එවුන් උඹේ බ්ලොග් එක ආසාවෙන් බලාවි. ඒකට කාටවත් අකුල් හෙලන්න විදියක් නෑ. දිගටම ලියපO.

    ReplyDelete
  3. ඕක ගැන ඔච්චර වද වෙන්න එපා මචං. මේ මන් පවතින්නේ ඒකේ නැතුවට. කැමතිනම් කොත්තුවට දාන්න ඉල්ලුම් කරන්න පුළුවන්නේ.(www.kottu.org)

    ReplyDelete
  4. හරි පුදුමයි... ඉතිං මේකේ සිංහල යුනිකේත තියනවානේ ???? අනේ මංදා ඉතිං.. හැබැයි සැලෙන්න එපා සහෝ ඔයාගේ බ්ලොග් එක දිනපතා කියවන අය ඉන්නවා.. ඒ එන්නේ ෆලෝ කරන නිසයි. ඒ ගැන වැඩිය හිතන්න එපා.

    ReplyDelete
  5. මචෝ උඹ ෆොටෝ එක වෙනම දාලා යුනිකෝඩ් වලින් කොටහන්කෝ.එහෙමත් නැත්තං මූණු පොතෙන් අපිව දැනුවත් කරහන්.වැඩ වැඩිකමට කමෙන්ටුවක් දැම්මේ නැතුවට මම උඹේ කවි හැමදාම කියෙව්වා.

    ReplyDelete
  6. සඳුන්,
    මම හැමදාම අප්ඩේට් වෙලාද කියලා බලන බ්ලොග් වගයක් තියෙනවා.
    අපේ පිස්සු මලියාගෙ, මරණය ගේ ඒ වගේම ඔයාගෙ බ්ලොග් එක ඒ අස්සේ ප්‍රධානයි.
    මම දන්න තරමින් සිංහල යුනිකේත කියා ගෲප් එකක් (http://groups.google.com/group/Sinhala-Unicode) තිබුනාට ඒකෙ සම්බන්දයක් මේ සිංහල බ්ලොගර්ස් ලට නැහැ. (සිංහල බ්ලොග්කරුවන් විතරයි නේ මේ අය ඔන්න ඔහේ මේ වගේ ඇඩ්මින් ලා එක්ක ගණුදෙණු කරන එක අතාරින්න.

    මරණය කීවා වගේ ඉන්දිගෙ කොත්තු වල ලංකාවේ ඕනෙම බ්ලොග් එකක් දා ගන්න පුළුවන්. ඒක පුළුල් අවකාෂයක් පුරා යනවත් එක්ක.

    කොහොම උනත් හොඳ දේවල් කියවන්න ඕන අය ඔයාගෙ එකට එනවාමනේ.

    ReplyDelete
  7. හෝව්..... මිත්‍රවරුනි, සමහරු පොඩ්ඩක් වැරදි රේල් පීල්ලෙ යනව වගෙ. බ්ලොග් කියවනයෙන් බ්ලොග් එක ඉවත් කිරීම ගැන මට කිසිම අවුලක් නෑ. කියවන කට්ටිය කොහොමත් කියවනව. කොහොමත් මේක කොත්තුවෙ තියෙනව. මම යම්කිසි හේතුවක් මතයි ඒ නිල සංවාදය මෙහෙම පළ කළේ. මේ බ්ලොග් එක ඉවත් කිරීම කියන කාරණාව මොහොතකට පැත්තකට කරල ඉතුරු කරුණු ගැන නිකමට වගේ හිතල බලන්න.
    ජය!

    ReplyDelete
  8. ටික දවසක් ෙදන්න පුතා...
    "අපි" ෙමානාහරි කරමු.... :D

    ReplyDelete
  9. @ අංජො,
    මේ උඹ කියන්නේ පස්සේ බලමු කියලා අපිට බෝතලයක් ගහන්න සෙට් වෙන්නද?

    ReplyDelete
  10. නොදරුව අපිට - අපි නොදරුවට. නිකමට වගේ දිගටම ලියමු.

    ReplyDelete
  11. පොඩි අවුලක් තියෙනවා කියල පේනවා. නමුත් මම නම් සින්ඩිවලින් බලන්නේ කලාතුරකින්. මම හොඳින්ම තේරීමක් ඇතිව බ්ලොග් කියවන්නේ ඒ කියන්නේ මගේම තේරීම් ලෙස වෙනම තියා ගත්තු එකතුවකින්. ඒ හින්දා මට මේ ගැටළුව නැහැ. නමුත් සින්ඩිය හරහා අලුත් බ්ලොග් සොයා ගෙන කියවන ‍පාවෙන පාඨක පිරිසකුත් ඉන්න නිසා සින්ඩිවල ලිස්ට් නොවීමෙන් ඒ අය වෙත ඔබගේ බ්ලොග් එක ප්‍රචාරණය වීම සීමා වෙන බව තේරෙනවා.

    බලමු වඩාත් පළල් අරමුණකින් සින්ඩියක් කළ එලි දක්වන්න කාට හරි පුළුවන් වුන දවසක මේවගේ ගැටළු මතු වෙන එකක් නැහැ.

    ReplyDelete
  12. හපොයි දෙයියනේ, උඹට උණු දේ..
    අපි දිගටම උඹේ බ්ලොග්ස් බලනවා සහෝ !!

    ඒකනේ අපේ 'ම'ත් සින්ඩියේ නෑ නොවැ... හිත හදාගනින්..
    ඒත් අපි තව පාරක් ඇඩ්මින්ට කියලා බලමුද?

    ReplyDelete
  13. මචෝ, මම ඔයාගෙ බ්ලොග් එක් බලන්නෙ සින්ඩිය හරහා නෙමේ, ඒ වගේ අය තව ගොඩක් ඉන්නව, ඒක නිසා මේක අවුලක් වෙන්නෙ නෑ, දිගටම ලියන්න අපි දිගටම බලනව

    ReplyDelete
  14. Sinhala registered in the unicode database is incomplete and incorrect This was proposed by Andy Daniel. SLSI registered it as the standard. Sinhala is not compatible across all platforms. Only partial characters are registered and given values.

    Now Michele is proposing old sinhala "illakam" digits to unicode data base,

    What are our professors are doing in the well.

    Donald Gaminitillake
    lets us change the standard
    Donald Gaminitillake
    Lets us change the standard

    ReplyDelete
  15. උඹ මමත් දැකපු පුදුම නිර්මාණශීලී හැකියාවක් තියෙන "පොරක්" . . . !!

    "සිංහල බ්ලොග් කියවනයේ අය කරන්නේ ලොකු සේවයක් . . ඒ අතරම ඒ අයට ඔවුන්ගේ වෙබ් අඩවිය ගැන ඔවුන් කැමති දෙයක් කිරීමට ඇති අයිතිය ගැනත් ඔවුන් මෙතුවක් කල් දුන්නු සහයෝගයට ස්තූති කිරීමත් ඇත්තෙන්ම අගය කල යුතුමයි . . .

    නමුත් මම නම් දැක්කේ උඹ සැලිලා නෑ කියලයි . . .

    උඹේ බ්ලොග් එක අති ජනප්‍රියයි . . . ඔහොම දිගටම ලියපන් . . . අපි බලනවා . . .

    සිංහල බ්ලොග් කියවනයේ ප්‍රශ්නය කාලයත් එක්කම විසඳේවි කියලා මට හිතෙනවා

    ReplyDelete
  16. I think one important point that everyone is missing from this whole dialogue is the importance given to 'Sinhala unicodes' over the 'Sinhala language'. One would think that සිංහල බ්ලොග් කියවනය should be proud to represent anybody who writes in sinhala irrespective of what fonts or software is used to write it. I'm sure it has done a great service to Sinhala bloggers as a whole but what has happened here is absurd.

    ReplyDelete
  17. මචං මම උඹේ කවි බලන්නේ මොන තරම් කල් ඉඳන් ද කියලා උඹ ට මම කියලා තියෙනව උඹ දැකලා ඇති. ඒ නිසා බ්‍රවුසරේ තමන් ආස බ්ලොග් බුක් මාක් කර ගන්න උදවියට මේක ඒ තරම ගැටලුවක් නෙවෙයි ඉතින් මට නං කියන්න තියෙන්නේ මචෝ
    සැලෙන්න එපා [ උඹ සැලෙන්නේ නැති විත්තිය මම දන්නවා] ඒත් සැලෙන්න එපා..!

    අපි බලමු මොකද වෙන්නේ කියලා.....

    අපි උඹව අත අරින්නේ නෑ...!
    තේරුනැයි...?

    ReplyDelete
  18. don't worry.
    keep writings. :)

    ReplyDelete
  19. මම මේ බ්ලොග් එක කියවන්නෙ කොහොමද කියල දන්නවද?
    Ctrl+A (හෝ Select All) ගහල!
    නැත්නම් කියවන්න බෑ.... හැම පේලියකම මුල් අකුරු දෙක,තුන පේන්නෙ නෑ!
    අනිත් අයට පේනව ද?
    මේක මට විත‍රක් තියන අවුලක් ද?
    පුලුවන් නම් content එක Indent ක‍රපන් කො!

    ReplyDelete
  20. මට නම් ඔබේ තර්කයෙ වරදක් පේන්නෙ නෑ මචාන්..
    ඒක "සින්හල 'බ්ලොග්' කරුවන්ගේ සන්ගමය" නෙ.. නැතුව "සින්හල යුනිකෝඩ් කරුවන්ගේ සන්ගමය" නෙමෙයි නෙ..

    අවුලක් නෑ..කොහොමත් අපිට බ්ලොගර් dashboard එකේ updates වැටෙනවනේ..

    ReplyDelete
  21. උබට මෙන්ම සින්ඩිය හරහා මෙය කියවු අපට කර ඇත්තේ මහ තුප්පහි වැඩකි .

    w3lanka පමනක් සින්ඩියට ඉතුරු වේවි

    මෙ කිසිම දෙයකින් උබ සැලෙන්න එපා සදුන් උබවෙනුවෙන් අපි ඉන්නවා

    කොාහාමත් අදහෙටම අලුත් ඉරක් පායනවා කියලා අරංචියි

    මෙදෙ කරපු අයට කියන්න තියෙන්නේ කුදගසාගනින් කියා පමණි

    ReplyDelete
  22. මේ පොස්ට් එකට අදහස් දක්වපු හැමෝටම වගේම මගෙත් එක්ක මේ ගැන කතා කරපු හැමෝටමත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනව. ඇත්තෙන්ම මේකෙ මම ලියන දේවල් කියවන්න කීපදෙනෙක් බලාගෙන ඉන්න එක මට ලොකු සතුටක්. බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයෙන් ඉවත් කිරීම කියන කාරණයට වඩා සිංහල බ්ලොග් කියවනයේ පරමාර්ථය ප්‍රශ්ණ කිරීමටයි මට ඕන වුනේ. අඩුවෙන් හරි ඒක වුනා කියල මට හිතෙනව. "නිකමට වගේ යුනිකේත" හරහා අනාගතයට හොඳ දෙයක් වෙනව නම් ඒක ලොකු දෙයක්.එහෙනං ඉතින් ලබන සතියෙ ඉඳන් ආයෙත් වෙලාව තියෙන වෙලාවට නිකමට වගේ මේ පැත්තෙදි මුණ ගැහෙමු.

    ප.ලි.
    සමහර අයට මේ මඟුලෙ අකුරු පේන්නැති අවුලක් තියෙනව. වම් පැත්තේ අකුරු දෙක තුනක් හොල්මන් වලින් වැහෙනවලු. ඒකට විසඳුම දුන්නෙ "ලබන අවුරුද්දෙ මගේ බිරිඳ".

    තම තමන්ගේ වෙබ් බ්‍රවුසරයේ (FF වල)"View", (Chrome වල)"Zoom" කියන ඔප්ශන් එකට පල.

    එතනින් Zoom OUT කරපිය.

    එතකොට මේක පොඩ්ඩක් පොඩිවෙලා අකුරු හොල්මන් වලින් බේරිලා එනු ඇත.

    මේ වගේ අවුලක් තියෙන බවට කමෙන්ට් හරහා දැනුම් දුන් මිත්‍රයන්ටත් බොහොම ස්තුතියි.


    ජය!

    ReplyDelete
  23. මමත් හිතනව සඳුන් අපි මේ ගැන වද වෙන්න ඕනෙ නෑ කියල. මටත් ඔයට වගේම කවි බ්ලොග් එකක් තියනවා. ඔයා වගේ මමත් ලියන්නේ පින්තූර වල යුනිකේත් වලින්. කියවන්න ආසනම් බ්ලොග් එක දිගටම බලයි . මොකද සිංහල කියවන්නා ශැන අපි අඩු තක්සේරු කරන්න නරකයි. අපි නිර්මාණයක් කරන්න වෙහෙසෙනවා වගේම කියවන්නා ඒක් කියවන්න හොයා ගන්න, හොඳ නිර්මාණ අඳුන ගන්නත් වෙහෙසෙනවා. අපිට සිංහල කියවන්නන්ගෙ අවුලක් නෙවෙයි තියෙන්නේ හොඳ නිර්මාණ වල හිඟයක්. මම හිතනවා ඔයාගේ බ්ලොග් එක නිර්මාණ වලින් පෝසත් කියලා. ආව එකෙක් ආයෙ එනවා. එච්චරයි වෙන්න ඕන. මම හිතනවා ඒ නිසා සිංහල අපි සිංහල පාටකයා උදෙසා යමක් කරන්න ඕනෙ කියලා.ඔයා ඒ දෙය කරනවා. අපිත් අපේ උපරිම සහයෝගය ලබා දෙන්නම්.
    ගොඩාක් ස්තූතියි මේ උණ කතා බහ අපිත් එක්ක බෙදා ගත්තට.

    ReplyDelete
  24. මමත් වැඩිපුර සින්ඩියෙන් නම් බලන්නේ නෑ. සින්ඩිය ගැන මටත් විවේචන තියෙනවා. ඒත් ඒ ඒ ස්පේස් එක නැතිකරපු එක නම් අපරාදේ. මමත් නොදරුවාව කියවනවා. ඒක ඉදිරියටත් එහෙමයි.. ජය...

    ReplyDelete
  25. මම මේ බ්ලෝග් එක කියෙව්වෙ සින්ඩිය හරහා. උඹ මේ ලියන විදියෙ වැරැද්දක් මට නම් පේන්න නෑ. දිගටම ලියන්න අපි ඉන්නවා කියවන්න.

    ReplyDelete
  26. සින්ඩියට පුක දෙන්න ඕනේ නැ බං. උ‍ඹ ලියන ඒවා අපි ආසාවෙන් බලනවා. ඒක උන්ම කර ගත්තාවයි. ඇඩ්මින්ලා වෙනුවට උත්තර දෙන්නේ වෙන උන්. ඒ හැත්තට එකම කතාවක් නැ කවදාවත්. උඹ සැලෙන්න එපා බං. දිගටම කරාපං. කොත්තුවට දැම්මා නම් හරිනේ. අපිව මුනු පොතෙන් හරි ට්විටරයෙන් හරි සම්බන්ධ කර ගනින් මචං. නිදහසේ ලියන්න බැ නේ මේකේ දැං. කයිය නම් බුදුවෙන්න. වැඩ නම් බලන්න එපායැ. සැලෙන්න එපා මචං. උන්ගේ බුදලේ නිසානේ ඔය හැම මගුලක්ම බලන්න වෙන්නේ. දාපං කොත්තුවට උන් නියමෙට තොත්තුව දෙයි....

    ReplyDelete
  27. උඹව Gtalk එකේ නොදැක්ක හින්දාත් කාලෙකින් කතා නොකල නිසාත් මං මේ හිතාන හුන්නේ බිසී වෙලාද කියලා. සමා වෙන්න මචං Sinhala Bloggers Union එකේ ත්‍රේඩ් එකකින් දැක්ක ලිපියක් නිසා දැන් නෙව දන්නේ.

    අද මම පාඩමක් ඉගෙන ගත්තා උඹේ ඒකත් ඇතුළු වියමන් මඟ හැරෙන හින්දාත් මාතෘකාවෙන් රසවත් ලිපියෙන් නීරසවත් ඒවා ලියන බිලොග්ස් නිසාත් Google Reader ඒකට ඇතුළු කරලා ඒක Use කරන්න ගන්නවා කියලා.

    සැලෙන්න එපා මචං, උඹ සැලෙන්නේ නැති විත්තිය අපි නොදන්නවායැ? :)

    ReplyDelete