Pages

Tuesday, March 6, 2012

මම, ෂොපිං බෑගය සහ ඇය


"පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?"

"මොකද්ද?"

"ඉස්සෙල්ලම හොඳ හුස්මක් උඩට ගන්න."

"ඊට පස්සෙ?"

"ඊට පස්සෙ මෙන්න මේ ෂොපිං බෑග් එකට කට තියල
ඒ හුස්ම පිට කරන්න."

"ඇයි අනේ එහෙම කරන්න කියන්නෙ?"

"මට ගෙදර ගෙනියන්න."


"ගෙදර ගෙනියන්න?"

"ඔව්. එතකොට ඔයා ළඟ නැති වෙලාවටත්
ඔයාගෙ හුස්ම මගේ ළඟ තියෙනවා."

"ඔයාට පිස්සු."

"ඔව් මට පිස්සු."

"ගෙදර ගෙනිහිල්ල මොකද්ද කරන්නෙ?"

"ඔයාව මතක් වෙලා මගේ හුස්ම හිරවේගෙන එනකොට
ෂොපිං බෑග් එකට කට තියල
ඔයාගෙ හුස්ම ටිකක් 
ගන්නව."


"පිස්සු කියවන්නෙපා.
ඔයා දන්නවනේ ෂොපිං බෑග් එකේ තියෙන්නෙ වැඩි හරියක්
මගෙන් පිටවුන කාබන්ඩයොක්සයිඩ් විත්තිය."

ඇගේ හඬ තුල සියුම් කේන්තියක් මට දැනුනා.
ඒ නිසාම මොහොතක් නිශ්ශබ්දව සිටි මම
ආයෙත් ඇයට කතා කළා.

"ඔයා දන්නෙ නැහැනෙ
ආදරයට අපූරු හැකියාවක් තියෙන බව."

"මොකද්ද?"

"ආදරයට පුළුවන්
කාබන්ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට හරවන්න."

"විකාර!
මහලොකු කවි ලිව්වට කමක් නැහැ,
මාත් එක්ක ඔය වගේ බයිලා කියවන්න එපා."

බංකුවේ මා තනිකර ඇය කැන්ටිම දෙසට ඇවිදගෙන ගියා.
කොහේදෝ සිට ඇදී ආ සුළඟක්
මගේ අතේ තිබූ ෂොපිං බෑගය උදුරාගෙන ගියා. 


13 comments:

  1. හෙහෙ .. ආදරේට ඕනෙ දෙයක් කරන්න හැකිලු
    සීඕටූ ඕටූ වෙනවාලූ

    ReplyDelete
  2. හ්ම්.........
    සුසුමක් හෙළුනේ නොදැනුවත්මයි..
    පිරිමි මේ තරම් බොළඳ.
    බොළඳ පිරිමියෙක් ලබන්න
    ගැහැණියෙක් වාසනාවන්ත වෙන්න ඕනි

    ReplyDelete
  3. මෙ ශොපින් බැග් සීන් එක විතරයි එලියට ඇවිල්ලා තියන්නෙ... මගෙ අම්මෙ.. මෙ වගෙ සීන් කොච්චර නම් තියනවා ඇද්ද.. හික් හික්.... මට මතක් කර කර හිනා.. මගෙ නම් ජිවිතෙම මෙ වගෙ ගොබ්බ බොළද, වැඩ වලින් පිරිලා තියන්නෙ..

    ReplyDelete
  4. පින්තූර උඩ ලියන්නෙ නැතුව යුනිකෝඩ් වලින් ලිව්වෙ ඇයි කියල ඇහුවට කමක් නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. මේක මට හිතුනෙ පින්තූරයක් දැකල නෙමෙයි බං. ඉතිං පිංතූරයක් එක්ක දැම්මෙ නැහැ.

      Delete
  5. මේක සිරා...

    ඇයි දන්නේ නෑ කෙන්ති ගියේ?
    හුස්ම හිරවෙනව කියපු එකේ දුකටද? එහෙමනම් නැත්නම් එච්චරටම බොලඳ වෙච්චි එකටද?

    ReplyDelete
  6. මේක නම් පට්ට! :D

    අද තමා ඉස්සෙල්ලාම ආවේ මේ පැත්තට.

    ReplyDelete
  7. කලින් දාපු තැන දාපු කොමෙන්ට් එකම මෙතැනත් දාන්නද සඳුන්? :)

    ReplyDelete
  8. ඔන්න කෙල්ල ගංජවත් ගහලා හිටියනම් ඔහොම එකක් කලාට කමක් නැහැ :-D

    ReplyDelete
  9. අමුතු පද පේලියක්...මන් ගොඩක් ආසයි...

    ReplyDelete