Pages

Thursday, October 4, 2012

අනේ මාව බේර ගනිං


නැහැ.. උඹ මේක කීයටවත් විශ්වාස කරන්නෙ නැහැ.

අපේ ඔළුව ඇතුලෙ සියුම් නාලිකා ගොඩක් තියෙනවා. මෙව්වා හරියට අපි පොඩි කාලෙ සෙල්ලම් කරපු සේලයින් බට වගේමයි. හැබැයි ඊට වඩා හරිම සියුම්. සිතුවිලි දුවන්නෙ මෙන්න මේ නාලිකා ඇතුලෙ.

ඔව් මම දන්නවා. දැං උඹ කියයි සිතුවිලි කියන්නෙ අපිට නොපෙනෙන දෙයක් කියල.

ඔව් බං, සිතුවිලි දුවන්නෙ මේ සියුම් නාලිකා ඇතුලෙ. ඉතින් එලියට පේන්නෙ නැහැ. බලන්නම ඕනෙ නම් හිස් කබල ගලවන්න වෙනවා.

හරි මම දැන් කියන්න හදන්නෙ මේකයි. හැමෝම කියන්නෙ සිතුවිලි අයිති අපිටමයි. එව්ව වෙනස් කරන්න වෙන කාටවත් බැහැ කියල.

පිස්සු බං... ඒක මහ බොරුවක්. අපේ සිතුවිලි වෙනස් කරන්න පුළුවන්. අපේ ඔළුව ඇතුලෙ සිතුවිලි දුවන සියුම් නාලිකා පටන් ගන්නෙ අපේ නලලේ හරි මැදින්. හරියටම කිව්වොත් නහයෙ කෙළවරයි ඇස් දෙකේ ඇහි බැම පටන් ගන්න තැනයි තියෙන තැන. අන්න එතනින්. සියුම් කටුවක් තියෙන ඉන්ජෙක්ශන් සිලින්ජරයක් නලලේ හරි මැදින් ඇතුලු කරල ඒ කටුව හරහා අලුත් සිතිවිල්ලක් අපේ ඔළුවට ඇතුල් කරන්න පුළුවන්.

මේක මගේ මනස්ගාතයක් නෙමෙයි... ෆිල්ම් එකක දැකපු කල්පිතයක්වත් නෙමෙයි. මට මේක ඇත්තටම වුනා. ඒ කෙල්ල දැකපු වෙලාවෙ මට කිසිම වෙනසක් දැනුනෙ නැහැ. නමුත් ඒ කෙල්ල කෙලින්ම මගේ ඉස්සරහට ඇවිදගෙන ආවා. ඇගේ අතෙත් මම කිව්ව විදියෙ සිලින්ජරයක් තිබ්බා. මට මුකුත්ම කරගන්න බැරි වුනා. මම ගල් වෙලා වගේ හිටියෙ. ඇය කෙලින්ම ඒ සිලින්ජරයේ කටුව මගේ නලලේ හරි මැදින් ඇතුල් කළා. මට සියුම් වේදනාවක් දැනුනා... නමුත් ඒක හරිම මිහිරියි. ඒ නිසා මම මුකුත් කළේ නැහැ.

මට දැනුනා ඒ සිලින්ජරයෙන් යමක් මගේ සිතුවිලි නාලිකා වලට ඇතුල් වෙන බව. ඒ මොහොතේ පටන් මගේ සිතුවිලි වල දුවන්නේ ඇය විතරයි. ඒක හරියට වෛරසයක් වගේ. මගේ අනෙක් සිතුවිලි සියල්ලම ඇය ඇතුලු කළ සිතුවිල්ල විසින් ගිල ගත්ත.

අනේ මාව බේර ගනිං.

මේක පාලනය කරන්න පුළුවන් විදියක් මට කියල දියන්.

මං උඹෙන් ඉල්ලන්නෙ එච්චරයි.

3 comments:

  1. ඇය කියන්නේ සිතුවිල්ලක වෙස් ගත් වෛරසයක්! හරි අමාරුයි ගැලවෙන්න. සමහරු වෛරසෙන් ගැලවෙන මඟ ජීවිතෙන් ගැලවීමයි කියලත් හිතනවා. තවත් සමහරු වෛරසේ නිසාම ජීවිතේ සාර්ථක කරගන්නවා!

    ReplyDelete
  2. වෛරස් බේරෙන්න අමාරුම දේ..,
    ලෝකේ හැමෝටම කවදා හෝ කුමන හෝ වෛරස් එකක් හැදී ඇති.
    අර සිරිංජරය හොයාගෙන විනාස කරලා දාපන්.., ආදරේ මිහිර වගේ මරණයේ ආතතියත් උඹට නොදැනිම ඔය කෙල්ල උඹේ සිතුවිලි නාලිකා වලා විදින්න පුලුවන්..!
    ප්‍රවේසමට..!
    විනාස කරන්න යොදාගන්නේ පලිබෝධ නාශක නම්,
    පලිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.

    ReplyDelete
  3. ඕක නේන්නම් ජීවිතේ කියන්නෙ...ගැලවීමක් නෑ ඕකෙන්..ඕන් ඔහේ ඔහොමම හිටින්...යන අතකට යන්න කියලා...

    ReplyDelete