Pages

Monday, March 9, 2009

ඔබම නමක් කියන්න. 1 කොටස

ලියන්න නම් ඕනෙ.. ඒත් මොනව ලියන්නද? කම්මැලිකමට සිගරට් එකක් පත්තු කරගෙන බැල්කනියට ගියා. බලු කමට ඉර මගේ දිහා බැලුවෙත් හැංගිලා. පිටිපස්ස හැරිල බැලුවම කෙලින්ම පෙනුනෙ බිත්තියෙ එල්ලල තිබුනු ඔරලෝසුව. 6.15ට තව විනාඩියක් විතර තිබ්බ. ඉර හැංගෙන එක අහන්නත් දෙයක්ද? මම හිතුවෙ නෑ මෙච්චර හවස් වෙලා ඇති කියල. මම සිගරට් උගුරක් අදින හැම වෙලාවකම සිගරට් එකේ හරහට තියෙන ඉරි තුනක් විතර නැතිවෙලා ගියා. "සිගරට් බොන එක අඩුකරන්න ඕනෙ". අනන්ත වාරයක් හිතනව වගේ දැනුත් මම එහෙම හිතුව. දුම් වලල්ලක් අරින්න හැදුවත් කාලකන්ණි හුළඟ ඒකට ඉඩ දුන්නෙ නෑ. දුමාරයෙන් පෙනහළු පිරෙන අතරේ, කට දුම් වලලු අරින්න උත්සහ කළත් මගේ ඇස් දෙක තිබුනෙ පාරෙ ඇවිදින මිනිස්සු අතරෙ. ගෙදර තිබුනෙ තුංමං හන්දියක. ඉතින් බැල්කනියට කෙලින්ම පේන්නෙ මීටර් 20ක් විතර ඈතින් තියෙන බස් හෝල්ට් එක. එතන කීපදෙනෙක් හිටිය. ඒ කීපදෙනා අතරින් මගේ ඇස් ඈත කොට කොට එන බස් එක දිහාවට දුවන්න උත්සාහ කරන කොටම බස් හෝල්ට් එකේ හිටපු කෙල්ලෙක් නිසා ඒ උත්සාහය අසාර්ථක වුනා. ඈ මගේ දිහා බැලුව. අඩු තරමෙ ඈ මට පිටිපස්සෙන් තියෙන වහලෙ ඉන්න කාක්කෙක් දිහා හරි බැලුව. එහෙම හිතන්න මට හේතුවක් තිබුන. මොකද මම දන්න තරමින් පාරෙ බස් හෝල්ට් එකක ඉන්න කෙල්ලෙක් බැල්කනියෙ ඉන්න මං දිහා බලන්න හේතුවක් නැ."නිකමට වෙන්නැති බලන්නැත්තෙ". එහෙම හිතාගෙන මම ආයෙත් බස් එක එන දිහා බැලුව. ඉස්සෙල්ලට වඩා දැන් බස් එක ලොකුවට පේනව. ඒ කියන්නෙ කොට කොට හරි ඒකත් එනව. මට ඕනෙ නැති වුණත් ඇස් දෙක ආයෙත් අර කෙල්ල දිහා බැලුව. ඔව්, ඒ කෙල්ල බලන්නෙ ඉන්නෙ මං දිහා. දැං නම් මට ඒක විශ්වාසයි. මොකද කියනව නම් ඈ සැරින් සැරේ මං ඉන්න දිහාවත් බස් එක එන දිහාවත් මාරුවෙන් මාරුවට බලන බව මට පෙනුන නිසා. මේ වෙනකොට මට අමතක වෙලා තිබුනට පෙණහළු වලට මගේ අතේ තිබුණ සිගරට් එක අමතක වෙලා නොතිබුන එක ලොකු දෙයක්. ඒ බව මට තේරුනේ අන්තිම උගුර අදිද්දි තොල ලාවට රත් වුන නිසා.බට් එක මහපටැඟිල්ලටයි දබරැඟිල්ලටයි හිර කරල ඈතට විද්දෙ වෙනද පුරුද්දට. එතකොටයි මම දැක්කෙ බස් හෝල්ට් එකේ හිටපු කෙල්ල මම විසි කරපු බට් එක වැටුනු තැන දිහා බලාගෙන ඉන්න බව. මේ වෙනකොට බස් එක හෝල්ට් එකට ඇවිත්. හිටපු කීපදෙනා බස් එකට නැගල. බස් එක අද්දන්නයි හදන්නෙ. ඒත් මේ කෙල්ල සිගරට් බට් එක දිහා බලාගෙන ඉන්නව. නාඳුනන වුනත් මෙච්චර වෙලා දැකපු එකෙන් ඇතිවෙච්ච ඇඳුනුම් කමට මම ඒ කෙල්ලට "ෂ්..ෂ්.." කියල අත වැනුව. මට ඕන වුනේ ඒ කෙල්ල සිගරට් බට් එක දිහා බලාගෙන කරන භාවනාවෙන් මුදවල බස් එක යන බව ඈට පෙන්නන්න. සද්දෙට මගේ දිහා බලපු ඈ හීනියට හිනා වෙලා බස් එක දිහා නොබලම මං ඉන්න පැත්තට ඇවිදගෙන ආව.




(හිතුනොත් ඉතුරු ටික පස්සෙ ලියන්නම්)

12 comments:

  1. සිගරට් බීම ලෙඩ ගොඩකට මුලය.හර්ධ රෝග, පෙනහළු රෝග, අධික රුධිර පීඩනය, පිළිකා ඉන් සමහරක්. ඔබ විතරක් නෙමේ අවට ඉන්න අයගේද පෙනහළු තුලට ඒ දුම යනවා නොවැ. එනිසා කාරුණික ඉල්ලීමයි. පුළුවන්නම් හිත පාලනය කරගෙන දුම්බීමේ ආසාවට ආසා නොකර ඉන්න.

    ReplyDelete
  2. අනේ මෙච්චර ලියලා අපේ කතුහලය අවුස්සලා.. දැන් කියන්න එපා හිතුනොත් ලියන්නම් කියලා.. ලියන්න හොදේ.. මම බුංදි ෆෝරම් එකට තකහනියක් ගිහිං නොදන්න කමට කවි ටික බලලා තියනවා.. දැන් බ්ලොග් එක දන්න නිසා තවත් ලේසියි... ලියන රටාවත් හරි ෂෝක් ලියාගෙන ලියාගෙන යන්න

    ReplyDelete
  3. දුම්පානය හා වෙනත් වැරදි ගැන ගැන වැරදි ආදර්ශයක් නොදෙන ලෙස තවත් ඉතුරු කොටස් ලියන්නැයි මම අයියාට සුභ පතනවා. අයියාගේ කවි නියමයි, තවත් හඩන්න ලියන්න සමාජයට සුවඳ පුෂ්පයක් මෙන් සුවඳ පතුරු වන්නට.

    ReplyDelete
  4. නියමයි කවි වල අමුතු මරු ගතියක් ඇත හැබැයි පුතෝ ඔය පපුවට දුන් ගහාගන්න එක නම් නවත්කන්න

    ReplyDelete
  5. Mama awe NODARUWATA pahak damanna.
    Namuth me comments dakkahama mata hari HINAHAYI...!

    ARTS and HEALTH gana me lamayinge oluwala thibena NICOTIN iwath wena paridi, next chapter eka liyapan.

    Umbe style ekata mata perethayi.
    Bate ithuru tika dihawe kella balan unne mokada kiyala BATAYAK gahamin kalpana kara kara comments liwuwa mama,

    Koombiya
    [Athe sathe naha.. Bate kate...!]

    ReplyDelete
  6. ඔන්න ඔන්න ප්‍රෙඩා හොඳම හරියට ඇව්ල්ලා කතාව නවත්තන්න ඔට්ටු නෑ..හෙට උදේ වෙනකොට නොතිබ්බොතින් ඉතුරු කොටහ, ඕන් මං නරක මිනිහා කියන්න එපා... ලංකාවේ හැම තුන් මං හන්දියක් ගානෙ හරි ගිහින් මම ප්‍රෙඩා හොයා ගෙන එනවා ඉතුරු කෑල්ල අහගන්න...

    ප.ලි. : ලියන ආර විශිෂ්ටයි, විශේෂයෙන්ම කවි සිතුවිලි... දිගටම ලියන්න... නොවරදවාම මමත් බලනවා...

    ReplyDelete
  7. woooooow . .. ubata sira kavi liyanna vitarak nemei . . .sirawata kata liyannath puluwan . . .. jaya wewa machan . . . mama adai meka dakke . . . kotas 9ma ada rata kiyawala heta 9 weni totasata coment dannam . . .ela machan . . .style eka niyamai . . .asa hitenawa balanna

    ReplyDelete
  8. බොහොම ලස්සන ලිවිල්ලක්. අද තමයි මේ කතාව කියවන්න පටන් ගත්තෙ. cheers!

    ReplyDelete
  9. මචං උඩ්න්ම දාපන් වැඩ්හිටියන්ට පමණයි කියල.. නැත්නම් පොඩ් බබාල කමෙන්ට් දානව...

    ReplyDelete
  10. හරිම අපූරුයි..තවත් වචන නෑ මට...

    ReplyDelete
  11. හෝල්ට් එකේ හිටපු ගොනෙක් ට ද දන්නේ නැ උඹ ටෝක් කරේ. එහෙම නම් ඉතිරි ටික ගැන මට නම් හිත ගන්ඩ පුළුවන්

    ReplyDelete
  12. boru nathnam maru .......

    ReplyDelete