Pages

Thursday, March 12, 2009

ඔබම නමක් කියන්න. 2 කොටස

දෙයියනේ අර ඈත ඉඳන් බස් එක හෝල්ට් එක ළඟට එන්න කොච්චර වෙලා ගියාද? නමුත් ඊට වඩා වේගෙකින් ඈ මං ඉන්න පැත්තට ඇවිදගෙන එනව. අපි අතර තිබුනු මීටර් 20ක විතර පරතරය මං හිතුවට වඩා ඉක්මනින් අඩු වෙනව. ඇයි මේ කෙල්ල මං ඉන්න පැත්තට එන්නෙ? මං අත වනපු එක වැරදියට තේරුම් ගත්තද? ඇයි අත වැනුවෙ කියල ඇහුවොත් මම මොකද්ද කියන්නෙ? ඇයි මේ වෙලාවෙ මගේ හිත මෙච්චර වේගෙන් ගැහෙන්නෙ? මේ කිසිම දෙයකට උත්තර හිතන්න මට වෙලාවක් නොදී ඈ ඉතාම අසාධාරණ විදියට මගේ බැල්කනිය ළඟටම ඇවිත් පාරෙ හිටගෙන මට අත වනමින් මගේ සිතිවිලි වලට බාධා කළා. දබරැඟිල්ලෙන් ඇයවත් මාවත් මාරුවෙන් මාරුවට පෙන්නමින් මොකද්දෝ කියන්න උත්සහ කළා. නමුත් මොන මඟුලක් කියන්න හදනවද කියල තේරුම් ගන්න තරම් හැකියාවක් මට ඒ වෙලාවෙ තිබුනේ නෑ. ඒ මොහොතේ මට ඇතිවුනු හැඟීම කොයි ආකාරයකින් මගේ මුහුණෙන් එළියට ඇවිත් තිබුනාද යන්න අද තව වෙනතුරුත් මම දන්නෙත් නෑ. ඒත් ඒ මොහොතේ මට ඇගෙන් පලායන්න ඕනෙ වුනා. මං ඒ ගැන හිතන්නත් කළින් මගේ ඇස් ඇගෙන් ඉවතට පැනල මහා සෙනඟ ගොඩක් මැද්දෙ නැතිවුනු කෙනෙක් හොයනව වගේ වටපිට බැලුන. ඇය කෙරෙහි මගේ අවධානය යොමු නොවුනු බව පෙන්වන්න උත්සාහයක යෙදුන. ඒත් මගේ තකතීරු ඇස් මාව විනාශ කළා. නොදැනුවත්වම මට ආයෙත් ඈ දිහා බැලුන. නමුත්...නමුත් ඈ දැන් එතන නෑ. කොහෙද මේ කෙල්ල එකපාරටම අතුරුදන් වුනේ? මම නිකමට බැල්කනියෙන් එබිල වටපිට බැලුව. නෑ, ඇය පේන්න නෑ. මම හිතන්නෙ ඇය ගිහින්..යන්න ගිහින්.


"ආව, මොකද්දෝ කියන්න හැදුව, ගියා."


මොකද්ද මේකෙ තේරුම? මේ වෙලාවෙම මහ පාරෙ තිබුනු සියළුම ශබ්ද පරයමින් මම මේ ලෝකෙ අකමැතිම ශබ්දය මට ඇහුන. ඒ අපේ ගෙදර බෙල් එකේ සද්දෙ. එක පාරක් නම් කමක් නෑ. දෙපාරක් තුන්පාරක්ම ඇහෙන්න ගත්ත. මෙච්චර වෙලා සිද්ධ වෙච්ච කිසිම දෙයක් ගැන සැනසිල්ලේ නැවත කල්පනා කරන්න මට අවස්ථාවක් නොදී කවුද මේ වෙලාවෙ මගෙ ඔළුව කන්න හදන්නෙ? එහෙම හිත හිත මම පඩිපෙළ දිගේ පහලට බැස්සෙ ඇවිත් ඉන්න එකාගෙ පරම්පරාවම ඝාතනය කරන්න හිතාගෙන. අගුළු දාල නොතිබුණු දොර අරින්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.




( මම හිතන්නෙ ඉතුරු ටිකත් මම ලියයි )

4 comments :

  1. හුරේ... මෙන්න ලියලා.. තැන්ක්යූ කිව්වා! ඔය ළමයට හිතුනත් නැතත් අපි කියවන්න බලාගෙන ඉන්නවා.. ඒ නිසා අප කෙරෙහි අනුකම්පාවෙන් ලියනු ‍මැන..

    ReplyDelete
  2. Comments ගොඩයි. හැමෝගෙම Comments වලට බොහොම ස්තුතියි. අනේ මන්ද සිගරට් බීම ගැන හුඟක් අයට හුඟක් ප්‍රශ්න. ඒ ගැන එච්චර හිතන්න එපා. ඔබ හැමට දිගටම කියවන්න, මට දිගටම ලියන්න හිතේවා. ඒකයි මගේ පැතුම.
    ජය වේවා!

    ReplyDelete
  3. මචන් උඹේ නිර්මාණ සමහරක් මම බූන්දියෙන් කියවලා තිබ්බා. මම හරිම කැමතියි ඒ රටාවට. කියවන්න කැමැත්තෙන් ඉන්නවා ඉතිරියත්. දුම් නැතිවත් මේව කියවපුවහම මත් වෙනවා. හැබැයි මමත් දැන් මේ දුමක් දාල ආපු ගමන් :P
    ජයවේවා!

    ReplyDelete
  4. හොඳඳඳඳඳඳඳඳඳඳඳ බබා... අන්න ඔන්න ඔහොමනේ ලියන්න ඕන... මම කිවුවට ඔන්න ඊයෙ මට බලන්න බැරි උනා... අම්බානක වැඩ... අද කොහෙම හරි බැලුවා.... මරු කථාව... අන්තිමේ මොනාද දන්නෑ වෙන්නේ...

    ReplyDelete