Pages

Thursday, March 12, 2009

ඔබම නමක් කියන්න. 3 කොටස

මම නොහිතුවට මගේ හිත බලාපොරොත්තු වුන කෙනා දොරෙන් එහා පැත්තෙ හිටිය. සිදුවුනු දේවල් නැවත පිළිවෙලට ගැලපුවොත් ඇය මේ මොහොතේ මගේ දොර ළඟ සිටීම පුදුමයක් නෙමෙයි. මොකද කිව්වොත්, මීට සුළු මොහොතකට කලින් ඈ හිටියෙ බැල්කනිය ළඟ. එතන ඉඳල දොර ගාවට ඕනෙ නම් අඩි 10ක් 12ක් ඇති. මම බැල්කනියෙන් එබිල වටපිට බලන කොට ඈ ගේ පැත්තට හැරෙන්නැති. ඒකයි මට ඈ නොපෙනුනේ. මේ සියලුම දේවල් මගේ ඔළුව ඇතුලෙ විදුලි වේගයෙන් එහා මෙහා දුවන අතරතුරේ මා විසින් ඇගෙන් ඇසිය යුතු නමුත් මා මෙතෙක් නොඇසූ පැනය මටත් නොදැනීම මගේ කටෙන් එළියට පැන්න.

"ඇයි?"

පිළිතුරක් දෙන්න පෙර ඈ මොහොතක් පැකිළුනා. ඒත් එක්කම පිළිතුරක් වෙනුවට ඈ මගෙන් ප්‍රශ්නයක් ඇහුව.

"තියෙනව නම් මට සිගරට් එකක් දෙනවද?"

"ඔයා සිගරට් බොනවද?"

මම එහෙම අහනවත් එක්කම මට පුංචි ලැජ්ජාවක් දැනුන. ඈ මගෙන් සිගරට් එකක් ඉල්ලීම පිළිබඳව මගේ මුහුණේ ඇතිවුනු විමතිය ඈ දැක්කද දන්නෑ. මොනව හිතුවද දන්නෑ. ඒත් මම පුදුම වීම පුදුමයක් නෙමෙයි. මෙච්චර කාලෙකට කවදාවත් කෙල්ලෙක් මගෙන් සිගරට් ඉල්ලල නෑ. විශේෂයෙන්ම මේ වගේ අඳුර ගලාගෙන එන වෙලාවක. මගේම ගෙදර දොරකඩ හිටගෙන. මම මුලින්ම හිතෙන් සතුටු වුනා මේ වෙලාවෙ ගෙදර කවුරුත් නොසිටීම සම්බන්ධයෙන්.

"ඔව් මම සිගරට් බොනව."

ඈ මගේ දැහැන බින්දෙ බොහොම කුරිරු විදියට.

"ඇයි ඔයා සිගරට් බොන්නෙ?"

ඒක මම හිතල අහපු ප්‍රශ්නයක් නෙමෙයි.

"ඇයි ඔයා සිගරට් බොන්නෙ කියල කවුරුහරි අහල තියෙනවද?"

මොනවද මේ කෙල්ල මගෙන් මේ අහන්නෙ? ඇයි මම මේවට උත්තර දෙන්නෙ? මේක මහ අස්වාභාවික සිදුවීමක් නෙමෙයිද? මේ මොහොතෙ මේක ඇත්තටම සිද්ද වෙනවද? මොන මඟුලක්ද මේ?
මේ සියළු සිතිවිලි අතරෙ මට "ඔව්" කියල කියවුනා.

"ඉතිං මොකද්ද ඔයා ඒකට දීපු උත්තරේ?"

"මං කිව්ව මම සිගරට් බොන්නෙ මට ඕන හින්ද කියල"

"එහෙනම් ඇයි ඔයා මගෙන් අහන්නෙ මම සිගරට් බොන හේතුව?"

මා වැනි ගොනෙක් මේ ලෝකේ තවත් නැත. මම සිගරට් බොන්නෙ මට ඕන හින්ද නම් මම කොහොමද වෙන කෙනෙකුගෙන් අහන්නෙ ඒ කෙනා සිගරට් බොන හේතුව? ඒත්...ඒත් මෙතන මගේ ඉස්සරහ ඉන්නෙ කෙල්ලෙක්.

"ඒත් ඔයා කෙල්ලෙක්!"

මට එහෙම කියවුනා.

"ඉතිං ඒක ඔයාට ප්‍රශ්නයක්ද?"

ඉතිං ඒක ඔයාට ප්‍රශ්නයක්ද?...ඉතිං ඒක ඔයාට ප්‍රශ්නයක්ද?....ඉතිං ඒක ඔයාට ප්‍රශ්නයක්ද? ඒ ප්‍රශ්නයම දිගින් දිගටම මගේ හිත ඇතුලෙ ප්‍රතිවාදනය වෙන්න පටන් ගත්ත. මට ඒ ප්‍රශ්නෙට දෙන්න හරි හමන් උත්තරයක් හිතාගන්න බැරි වුනා. සාක්කුවට අත දාල සිගරට් පැකට් එක අරන් ඇයට දික් කළා.

"එකයිනෙ තියෙන්නෙ, ගත්තට කමක් නැද්ද?"

"කමක් නෑ ගන්න."

මට දෙන්න වෙන උත්තරයක් තිබ්බෙ නෑ.

"Thank you very much. කරදර කළාට සමාවෙන්න."

එහෙම කියාගෙන ඈ යන්න හැරුන. මට ඕනෙ වුනා ඇයව නවත්වන්න. ඒත්,

"නෑ! ඒකට කමක් නෑ."

නවත්වනව වෙනුවට මම ඇයට යන්න අවසර දුන්න. අඩ අඳුරේ ඈ නොපෙනී ගියා. මොකද්ද දෙය්යනේ මේ වුනේ? කවුද මේ කෙල්ල? ඇයි මගෙන් සිගරට් ඉල්ලුවෙ? මම අත වනපු නිසාද ආවෙ? මේ ප්‍රශ්න වලට කවුද මට උත්තර හොයල දෙන්නෙ? ඒ ගනුදෙනුව කොයිතරම් ඉක්මණට ඉවරවුනාද කියනව නම් මට යාන්තම් මතක ඇගේ මුහුණුවර විතරයි. අඩු තරමෙ ඇඳන් හිටපු ඇඳුමවත් මගේ මතකයෙ රැඳිල නෑ. මෙහෙම හිත හිත මම හුඟක් වෙලා ඈ ගිය දිහාව බලාගෙන හිටිය. ටිකකින් මට මතක් වුනා සිගරට් එකක් බිව්ව නම් හොඳයි කියල. සාක්කුවෙන් සිගරට් පැකට් එක ගත්තමයි මට මතක් වුනේ මම ඒ කෙල්ලට දුන්නෙ මං ගාව තිබ්බ අන්තිම සිගරට් එක කියල.


( මට හිතෙනව තව ලියන්න )

7 comments:

  1. YAKO meka MEGA teliyak wage daily yanawada?
    mala huttapparayayi...! ude baladdi EPISODE 2kyi.

    kamak naha..
    RAHATA thiyena kal udeta udeta enawa.

    kella hari maru kellekne...
    What's next...?

    ReplyDelete
  2. වැ‍ඩි කථා ඕනි නෑ.. නියමයි... ඊළග‍??

    ReplyDelete
  3. මරු... පට්ට ආතල්... අර කූඹ්යා කිව්වා වගේ මෙගා ටෙලියක්වත්ද?

    ReplyDelete
  4. නොදරුවා නම් වෙන්න බෑ උඹ.....

    ඉතින් ඉතින්.... ඊ‍ට පස්සේ....

    ReplyDelete
  5. palaweni kotasa kiyawala dewani kotasa kiyewwama ethanin ehata kiyawanna epa una..kellekge sigartt beema majic ekak ena nodaruwage kathawa kellek una mata nam methanin eheata kiyawanna hithenne na..

    ReplyDelete