Pages

Friday, March 27, 2009

ඔබම නමක් කියන්න. 5 කොටස

පහුවදා උදේ ඔෆිස් එකට යන ගමන් වෙනද පුරුද්දට ඔෆිස් එක ළඟ තියෙන කඩේට ගිහින් සිගරට් ගන්නකොට මට නැවතත් ඒ කෙල්ලව මතක් වුනා. ඇත්තම කියනව නම් මට දැන් මේක වදයක් වෙලා. මේ විදියට ගියොත් මට ආයෙ කවදාවත් නිදහසේ සිගරට් එකක් බොන්න බැරි වෙනව. එහෙම හිත හිත ඔෆිස් එකට ඇවිත් සිගරට් එකක් පත්තු කරගත්ත. ඇයි ඒ සිදුවීම මේ තරම් මගේ හිතට වද දෙන්නෙ? මේ සිතිවිලි වලින් මිදෙන්න මම මොකද්ද කරන්න ඕනෙ? මම ලියන්න ඕනෙ. මොනව හරි ලියන්න ඕනෙ. එතකොට මට පුළුවන් වේවි ඇත්තටම මගේ හිතේ තියෙන දෙවල් ටික අඩු ගානෙ කොලයකට හරි ගන්න. සිගරට් බට් එක ඈශ් ට්‍රේ එක පතුලෙ තනිකරපු මම කෙළින්ම කම්පියුටරේ ළඟින් වාඩි වෙලා ඉමේජ් එකක් හොයන්න පටන් ගත්ත. වෙබ් සයිට්ස් කීපයක් අස්සෙම කිසිම අරමුණක් නැතුව පාවි පාවි ඉන්න අතරෙ මම දැක්ක ඉමේජ් එකක්. ඒක දැකපු ගමන් මගේ ඔළුවට ආවෙ වචන තුනහතරක්.


"හදවතම දල්වන්න
මටත් ගින්දර දෙන්න"

තවත් විනාඩි කීපයක්ම ඒක දිහා බලාගෙන හිටියත් මගේ ඔළුවට වෙන කිසිම දෙයක් ආවෙ නෑ. මොන මගුලක්ද, වෙනද නම් ඉමේජ් එකක් දැක්කම විනාඩි දෙක තුනක් යද්දි වචන ගොඩක් ඔළුවට එනව. ඒත් මේ මොහොත දක්වා අවට ලෝකයෙන් මම ඉගෙන ගත්තු වචන ඔක්කොම එකපාරටම මාව දාල ගිහින්ද කොහෙද. මට දැනුනෙ මම පොඩි එකෙක් විදියට.

"මම කොහොම හරි ඒ කෙල්ලව ආයෙත් මුණගැහෙන්න ඕනෙ!"

ඇයි මට එහෙම හිතෙන්නෙ? ඇයි මට එකපාරටම ආයෙත් ඒ කෙල්ලව මුණගැහෙන්න ඕනෙ කියල හිතෙන්නෙ? සමහරවිට ඒක වෙන්නැති මට ඇත්තටම ඕන කරන්නෙ. ඔව්... මම හිතුවට මේ සිතිවිලි වලින් පලායන්න, හැංගෙන්න, මට ඇත්තටම ඕනෙ ඒ ගැනම හිතන්න. නැවත ඇය මුණගැහෙන්න. මේ මුළු ජීවිතයම ඒ සිදුවීම තුලම ගෙවන්න. ඒ තුලම ජීවත් වෙන්න. අයියෝ මොකද්ද මේකෙ තේරුම? දැං මම මොකද්ද කරන්නෙ? වෙන කරන්න දෙයක් නෑ. මම කොහොම හරි ආයෙත් ඒ කෙල්ලව මුණගැහෙනව. ඊයෙ හවස 6 ට 6.15 ට විතර බස් හෝල්ට් එකේ හිටපු නිසා බොහෝ විට ඒ වෙලාවට වෙන්නැති ඒ කෙල්ල ගෙදර යන්නෙ. ඒ නිසා අද මම කොහොම හරි ඒ වෙලාව ළං වෙද්දි එතනට යන්න ඕනෙ. 

9 comments:

  1. අර කව්ද කිව්වා වගේ මේකත් මෙගා ටෙලියක්ද? වැඩියෙන් තියෙන්නේ සිගරට් ඇඩ්නේ. කමක් නෑ එලට ලියලා තියෙනවා. අද තමයි කෑලි පහම කියෙව්වේ.

    ReplyDelete
  2. the whole process of smoking and that stream of consciousness gives it a unique touch. keep it real and keep it coming :)

    ReplyDelete
  3. ඉතිරියත් ලියන්න හොදේ...

    ReplyDelete
  4. මමත් කතාව කියෙව්වෙ අදම තමයි. කතා නායකයා ජෝන් උනත් කතාව හොඳට ගලාගෙන යනව. ලස්සනයි. අද ඉඳල තවත් රු:2ක් වැඩි වෙච්ච නිසා කතාව නවතීද මංද.

    ReplyDelete
  5. මචෝ හෙවත් යකෝ මේක මෙගා එකක්ද අපිව අවුස්සලා පොඩ්ඩ පොඩ්ඩ දාන්නේ? මේ මෙක ඉවර වෙන්නේ උඹ හෘද්‍යබාධයෙන් මැරිගෙන හරි නේද? එළ එළ එවෙනකල් හරි ලියපං! ෆිට් තමා!

    ReplyDelete
  6. අනේ බං කෝ ඉතුරු ටික. ඉක්මනට ලියපංකෝ.

    ReplyDelete
  7. “Oscar Wilde: 'Do you mind if I smoke?' Sarah Bernhardt: 'I don't care if you burn'”

    ReplyDelete
  8. නියමයි..මම කො‍ටස් පහම කියෙව්ව.විශිෂ්ටයි...ඉතුරු ඒව්වත් ඉක්මනට ලියන්න.මම විතරක් නෙවෙයි අපි හැමෝම බලන් ඉන්නව....

    ReplyDelete
  9. "හදවතම දල්වන්න
    මටත් ගින්දර දෙන්න"
    ලස්සනයි!!

    ReplyDelete