Pages

Thursday, June 4, 2009

නිදහස දන්සැලෙන් දෙන්නෙ.


සිංහල හාලට
පරදේසක්කාර පොල් මිරිකා
කිරිම කිරි පාට
කිරි දමා සැදූ ජාතික කිරි බත
ලුණු මිරිස් වෙනුවට
මළ කුණු උයා පදමට
ජාතික කොඩිය යට
කපල මෝටාරයෙන් හනිකට
එන්න අයියෙ
එන්න නැන්දෙ
එන්න මාමෙ
එන්න අක්කෙ
මෙන්න කන්න
ගන්න අතට
සල්ලි එපා නිකං දෙන්නෙ
හරිම රසයි
ඇඟට සැපයි
නිදහස දන්සැලෙන් දෙන්නෙ.
කිරිබත් ඉස්මොල්ලෙ ගිය මම
සඳුන්.



2 comments:

  1. ඇයි බං ඔව්වා කියන්නේ කාලා ඉවර වෙලා?

    දැන් ඉතිං තියෙන්නේ වැඩි වුණ හාල් මිල දැකලා පේන තරු ගණං කරන්නනේ නොදරුවෝ?

    ReplyDelete
  2. හික්! උඹ තරු කීයක් දැක්කද?

    ReplyDelete