කෙල්ලෙක්, සිගරට් එකක්, හීනයක්, වීඩියෝ එකක්, ආදරයක්.... මේ සියල්ල මගේ ඔළුව ඇතුලෙ සද්ද බද්ද දාගෙන පෙරහැරක් යනව වගේ. හරියට ක්‍රිකට් මැච් එකක මෝලම් ගහනව වගේ. මට තේරෙන්නෙ නෑ මම මොකද්ද කරන්න ඕනෙ කියල. මට හිතා ගන්න බෑ මම මේක කාටද කියන්න ඕනෙ කියල. විසඳුම හැටියට මට හිතුනෙ තව සිගරට් එකක් බොන්න. ඉතිං මම පුටුවෙන් නැගිට්ට එළියට යන්න.
"අඩෝ... මොකද ඩෝ උඹ මේ දවස් වල ලන්ච් එකට කළු ගල්ද කන්නෙ?"
මේස දෙකකට විතර එහා පැත්තෙ ඉන්න යාළුවෙක්ගෙන් ප්‍රශ්නයක්.
"විකාරද බං උඹට?"
උගේ පැත්තට හැරිල එහෙම කියපු මම හෙමීට එතනින් ලිස්සල ආව.
"අරූට නම් කවුරුහරි කොඩිවිනයක් කරලද කොහෙද.. බලපංකො ඉන්න හැටි"
ඒ යාළුවම තවත් කාටදෝ කියනව ඇහුනත් මම ඇහුන්නෑ වගේ ආව. නිදහසේ සිගරට් එකක් බොන්න ආවත් මගේ කරුමෙකට ඒ නිදහස මට ලැබුනෙ නෑ. සිගරට් එක පත්තු කළා විතරයි ඒ දුමට තවත් කාපාළුවෙක් එතනට ආව. ඉතිං මගේ සිගරට් එකෙන් බාගයක් ඌට පූජා කරන ගමන් උගේ වැඩකට නැති කතා වලටත් මට හූමිටි තියන්න සිද්ධ වුනා. අන්තිම සිගරට් උගුර ඒ යාළුවටම බොන්න දීල
"මම යනව බං, වැඩක් තියෙනව කරන්න"
කියාගෙන එතනින් ගැලවිලා ආයෙත් මගේ මේසෙට ආව. කරන්න වැඩ තිබ්බත් කරන්න හිතුනෙ නෑ. දවල් කෑම වෙලාව හරි කියල දැනගත්තෙ හැමෝම තමන්ගෙ පුටු වලින් නැගිටල යන්න පටන් ගත්ත නිසා. ඒත් මට බඩගිනි නෑ. නිකමට වගේ මගේ කම්පියුටර් එකේ මම පින්තූර සේව් කරල තියෙන ෆෝල්ඩර් එකට ගියා. කම්මැලි කමක් හරි, හිතට වදයක් හරි දැනුනම මම කරන්නෙ ඒක. එක එක තැන්වලින් ලැබුණු පින්තූර දිහා බලාගෙන ඉන්න කොට මට සුළු මොහොතකට හරි මාව අමතක වෙනව. ඒ පින්තූර ඇතුළෙ ජීවත් වෙන්න හිතෙනව. වෙලාවකට හිතෙන් ඒ පින්තූර ඇතුලට යනව. එතකොට සමහර වෙලාවට මොනවහරි වචන ටිකක් හිතෙනව. එතකොට ටක් ගාල ඒ වචනටික මම ඒ පින්තූරෙට දානව. හරි හමන් පින්තූරයක් නැත්නම් එකක් ලැබෙනකං ඉන්ටනෙට් එකේ රස්තියාදු වෙනව. ඒක මට දැං පුරුදු වෙලා. ඉතිං මං ඒ පුරුදු විදියටම පින්තූර අතරෙ තනි වුනා. එක පින්තූරයක් ළඟ හිත හුඟක් වෙලා නතර වුනා. ඒකෙ ප්‍රතිඵලය හැටියට මට ඔළුවට ආපු වචන ටික මම ඒ පින්තූරෙට එකතු කළා.
හැමදාමත් වගේ අදත් ආවේශයකින් ඒ කටයුත්ත නිම කරලයි මම මොකද්ද කළේ කියල හිතන්න පටන් ගත්තෙ, මම මොකද්ද ලිව්වෙ කියල හිතන්න පටන් ගත්තෙ, ලියපු දෙයට තේරුමක් තියෙනවද කියල හිතන්න පටන් ගත්තෙ. අනේ මංද.. මම ලියපු දෙයම නැවත නැවතත් කියෙව්ව. "මට අහිමි සිහිනයක මම අතරමං වෙලා" සිහිනයෙන් මිදෙන්න පින්තූර අතරේ තනි වුනත් අවසානයේ මම සිහිනය තුළම අතරමං වෙලා. ඒ හින්ද වෙන්නැති මට එහෙම ලියවෙන්න ඇත්තෙ. රෙද්ද.. මට බැහැ තවත් මෙතන ඉන්න. දැං වත් යන්න ඕනෙ දවල්ට කන්න. මම මගේ හිතටම ඒ විදියට බල කරල පුටුවෙන් නැගිට්ට. කට්ටිය මට කලින්ම කන්න ගිය නිසා අද තනියම කන්න යන්න වෙනව. වෙනදට තනියම කන්න කඩේට යනව කියන්නෙ මරණව වගේ වැඩක්. ඒත් හිතෙනව එක අතකට මෙහෙම තනියම යන එක හොඳයි කියල. අනේ මංද එක පාරටම මම තනිකමට ආස වෙලා. ගිනි අව්වෙ වේලීගෙන ගුණසිරි හෝටලේට ඇතුල් වෙනවත් එක්කම කෙළවරේ මේසෙක කෙල්ලො තුන් දෙනෙක් මහ හයියෙන් හිනාවෙනව පෙනුන. ගුණසිරි හෝටලේ දවල් කෑම වෙලාවට හැමදාම ඉන්නෙ හුරුපුරුදු චරිත. මේ කෙල්ලො කවදාවත් මේ වෙලාවට හෝටලේ ඉන්නව දැකල නැති නිසා ආයෙත් පාරක් හොඳට ඒ පැත්ත බැලුව.
දෙයියනේ......අර කෙල්ල!
මට මගේ ඇස් නිලංකාර වේගෙන එනව වගේ දැනුන.
( දිගටම ලියන්න ආසයි... ඒත් හිත හදාගන්න අමාරුයි )
man ya are so adorable.....
ReplyDeletewell regarding the story there no comments yet...
as always i m a fan of ur creative works.
( meka ahala matath cigarrette ekakata duvanan hithenavaa)
ආහ්..., සිගරට් බොන කෙල්ල ආයිත් ඇවිත්. හිතෙකොනක තිබ්බා මේක නැවතිලාවත් දෝ කියලා. අන්තිමට ම මම ම හිතාගත්තා උඹ මොනා හරි දානකං ම ඉන්නවා කියලා මේක ගැන අහන්න. වාසනාව ට උඹ මේක දාපු නිසා මම ඒක අහන්නේ නෑ.
ReplyDeleteඋඹ එක අසාධාරණ වැඩක් කරනවා, දන්නවාද මොකද්ද කියලා.., කතාව අවසාන කරනකොට උඹ නවත්තන්න හදන්නේ අපි ඉස්සරහා හිතන්න පැති සීයක් විතර පේලියට තියලා. ඉතින් ඒකම අසාධාරණ නැද්ද කියහං...?
අගේ ඇති කතා පොඩිත්ත සඳුන්. දිගටම ලියපං අපි ඉන්නවා කියවන්න.
මං උඹේ බිලොග් ලිපි මගේ twitter හා facebook හරහා එසැනින් දැනුවත් කරන්න දාලා තිබ්බට වැඩ නෑ කියලා දැන ගත්තේ අද නෙව. සොරි මචන් ඒ ගැන!
ReplyDeleteඋඹේ කතාව හැමදාමමමම ඒ කෙල්ල ගාව නවතන්න එපා මචන්, එතකොට බොරි වෙන්න පුළුවන් නේද? එහෙමයි එහෙමම කරන්න කියලා මං කියන්නේ නෑ, නියම අගේ කතාව! කාලෙකින් පස්සේ කියෙව්වත් කතාව අද ඊයේ වගේ තාම මතකයි මචන්!!!
Nice story..
ReplyDeleteපට්ටයි දැන් ඉතින් ඊළඟ කොටස දානකම් ඉන්න වෙනවනෙ බං.. ඉක්මනට දාපන්...
ReplyDeleteකතාවේ අළුත් කොටසක් කියවන්න ලැබීම සතුටක්..
ReplyDeleteකොහොම හරි හිත හදන් ලියන්න, කියවන්න ගොඩක් අය මග බලන් ඉන්න නිසා!
සුභ අළුත් අවුරුද්දක් වේවා! ජයෙන් ජය!
අනේ හොද නොදරුවා වගේ හිත මොනා හරි කරලා හදාගෙන ඊළග කොටස ලියන්න හොදේ ... ඉක්මනට ලියපාන්!!!
ReplyDeleteබොහොම කෙටි පරිච්ඡේදයක්.... කමක් නැ නිකමට වගේනෙ නේද? ඔහොම යං! ඔහොම යං!!
ReplyDelete( දිගටම ලියන්න ආසයි... ඒත් හිත හදාගන්න අමාරුයි )
ReplyDeleteමල පනින්නෙ ඕවට තමයි..
අදනෙ මේක මට අහු වුනේ. එල කතාවක්නෙ.
ReplyDeleteඅපරාදෙ සිගරට් බොන එක නැවැත්තුවෙ කියල හිතෙනව.
මචං, පබා අතුරුදන් කලා වගේ සිගරට් එකයි කෙල්ලවයි අතුරුදන් කරන්න එහෙම එපා.
අයියො යහලුවා අදයි මට ඔයාව හම්බ උනෙ... මම කොටස් දහය කියවන්න ගත්තා..
ReplyDeleteආහ් !!!#% දැන්නෙ දැක්කේ මේකෙ 10 වැනි කොටසත් ලියා ඇති බව. නියම කතාව මචෝ. කෙසේ හෝ හිත් හදාගෙන ඊලඟ කොටස ලියනු මැනවි.
ReplyDeleteමමත් අද තමයි කොටස් 10ම කියෙව්වෙ. හිත හදාගෙන කොහොමහරි ලියල දාන්න. ලස්සනට ලියල තියනව...
ReplyDeleteහිත හදාගෙන අපේ අත් ලියන දේවල් වෙලාවකට අපිටවත් තේරෙන්නෙ නැහැ........ අපි අපිට අයිති නැති හීනවල පිනුම් ගහනවා..... අපි දන්නෙ එච්චරයි.ඇත්තටම අපේ හිත්වල තියෙන රියලිටි එක එලියට ගන්න අපිට බැරි ඇයි.... ? එච්චරටම අපි අපේ හිත්වල තියෙන කුණු තියෙනවද...? ඒක අපිවත් දන්නෙ නැහැ..............
ReplyDeleteපමණක් දේවලට වචන දීලා ඒවල තියෙන අගය බාල්දු කරන්න මට බැහැ.......
කැඩුන පැන්සල් අමතක කරලා පෑනක් වත් අරන් කතාවෙ ඉතුරු ටික ඉක්මනටම ලියපන් යාලුවා අපි බලාගෙන ඉන්නවා කියවන්න. හිත හදාගන්නම බැරිනම් comments ටික කියවපන් හොඳ Kick එකක් එයි ආයෙත් ලියන්න.
ReplyDeleteඅද තමා මෙ බ්ලොග් එක දැක්කෙ... කතාව මුල් කොටසෙ ඉදන්ම කියවන් ගියා....
ReplyDeleteහෙහෙ... කව්ඩ කිව්වා වගෙ දුමාරය වගෙ නමක් නම් නියමෙට ගැලපෙනව....
හිත හදා ගෙන ඉක්මනාට ලියපන්..... අපි බලන් ඉන්නව....
ko ithuru tika???
ReplyDeleteniyamai eth........ hita ganna beri taram wenas......
ReplyDeleteහුටා දැන් මේක ඇත්තටම වෙනවද නැත්නම් ඕකත් හීනයක්ද කියල බලන්න හයියෙන් කනේ පාරක් ගහගෙන බලපන් හදාගෙන ලියපන් අමාරුයි වගේමනම් මචන් මමත් එන්නම් වැඩ ඇරිල උම්බත් එක්ක දුක බෙදා ගන්න...
ReplyDeleteමේක ගැන මම උඹට මොකුත් කියන්නේ නෑ.මට හිතෙන එව්ව ගොඩක් තියෙන නිසා කියන්නේ නෑ.මට අද හිතුනා උඹව කොපි කරන්න.එහෙම කරන්න බැරි වෙයි.ඒත් කරන්න හිතුනා.දැනටම පටන් අරගෙනත් ඉවරයි.ඒක ජංජාලේ යන එකක් නෑ.ඒක හැමදාටම රහසක් වෙයි.අඩු තරමේ රහසක් විදිහට වත් ඒක එලියට දම්මවපු එක ගැන මම උඹට ණයයි.උඹ තමයි මට කොපි කරන්න ඇත්තං කියලා හිතිච්ච මගේ පලවෙනි යාළුවා.මොකද මෙච්චර කල් මම කොපි කරානං කොපි කලේ පිට මිනිස්සුන්ව.
ReplyDeleteමම කවුද කියලා දැනගන්න ඕන නෑ.මේ මගේ ජීවිතේ පලවෙනි ඇනෝනිමස් කමෙන්ටුව.මම උඹත් එක්ක බීලා තියෙනවා.මම උඹේ වෙඩිමට ඇවිත් තියෙනවා.මම කවුද කියලා නොහිතා; උඹ උඹ ගැන ආඩම්බර වෙයන්!
කෝ බං මේකේ අනික් කොටහ?
ReplyDeleteකෝ ඉතුරු ටික...
ReplyDeleteහපොයි නොදරුවෝ..කතාව දිගටම ලිව්වොත් නේද හොද ඉතින් ;)
ReplyDeleteපටන් ගන්නකොට තිබුනු ගතිය නැති වෙලා ගිහින් මෙගා ටෙලියක් වෙගෙන ව්ගෙ වෙගෙන එන්නෙ.කතාව ලියන්න ගත්ත ප්‍රස්තුතය හොද හින්ද කොටස් 10 ම කියවන් යන්න පුලුවන් උනත් පලවෙනි කොටසෙ ගතියක් තියෙනවා. එත් එතනින් එහාට මුකුත් ම නෑවගෙ.පලවෙනි කොටසෙන් දාගත්ත තල්ලුවෙන් ඇදිල යනව වගෙ.දැන් ඉතින් මෙ කතාවෙන් වැඩක් නැ. මිට පස්සෙවත් යමක් ලියනකොට එක අදාල තැනින් ඉවර කරන්න.මෙ මගෙ ජිවිතෙ පලවෙනි ඇනොනිමස් කමෙන්ටුව. ම්ම් උබත් එක්ක බිල තියෙනවා. උබෙ බොඩිමටත් ඇවිත් තියෙනවා. මම කවුද කියලා නොහිතා මිට දැන්වත් මෙ කතාව ගොඩ අරන් ඉක්මනට ඉවර කරපන්.
ReplyDeleteනිකමට වගේ කියවන්න නම් එපා වෙන්නෙම නෑ.. දැනුයි ඔක්කොම කතා ටික කියවලා ඉවර උනේ..
ReplyDeletemama oyala ekka set wenna kamathi.
ReplyDeletesampathuk2011@gmail.com
කෝ අනේ ඉතිරිය...? හිතහදාගමු.. ඔන්න ඔහේ ලියලම දන්ට.. මෙච්චර කට්ටිය බලාඉන්න එකේ..
ReplyDeleteහුගක් දවස් ගිහින්...ඉතිරි කොටස කවදද??
ReplyDeleteHi Sandun… it’s a really interesting story….. Please continue….
ReplyDeleteAppreciated your creations…
What the hell… when u write next????
ReplyDeleteඅදයි මම මේපැත්තට ආවෙ....
ReplyDeleteකොටස් දහයම එක හුස්මට කියවගෙන ආව....ඇත්තටම වෙනස්....
ඔන්න දහවෙනි කොටසෙ ඉඳල මමත් එකතුවෙනව....
ඉක්මනට ඊළඟ කොටස දාන්න...ජය...!
ලියන්ඩකො....!
ReplyDelete