Pages

Thursday, November 12, 2009

ඔබම නමක් කියන්න. 9 කොටස


ත්තටම ඇයි මම එහෙම හීනයක් දැක්කෙ? ඒ හීනෙ හිටපු, මට එකම එක වතාවක් විතරක් මුණ ගැහුනු ඒ කෙල්ල දැන් සැරෙන් සැරේ මගේ ඔළුව ඇතුලෙ ඇගේ ඒ අත්තටු විහිදගෙන පියාඹිනව වගේ මට දැනෙනව. මට හිතුන දුවල ගිහින් කොහේ හරි මුල්ලකට වෙලා නිදා ගන්න. මට හිතුන එතකොට මට ආයෙත් ඒ හීනෙම පෙනේවි කියල. දෙයියනේ මට ඒ හීනෙ ඇතුලේ සදාකාලිකවම ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? ඒත් මම සදාකාලිකවම ජීවත් වෙන්න පතන ඒ හීන ලෝකෙ ඔෆිස් එකේ වැඩ නිසා සැරෙන් සැරේ සුනුවිසුණු වෙලා ගියා. තේරුමක් නැති මීටින්, වැදගත් වැඩ, නොවැදගත් වැඩ, ඇත්ත වගේ කරන බොරු වැඩ නිසා මට එක දිගටම මගේ හීන ලෝකෙ ඉන්න බැරි වුණා. දවල් කෑමෙන් පස්සෙ සැනසිල්ලෙ සිගරට් එකක් පත්තු කරගන්නකොටයි මට තේරුනේ අද දවසටම මම තාම සිගරට් එකක් බීල නෑ නේද කියල. වෙනද කොච්චර වැඩ තිබ්බත් මේ වෙනකොට සිගරට් දෙක තුනක් බීල ඉවරයි. අනේ මන්ද මට මොකක් වේගෙන එනවද කියල. සිගරට් දුම මගේ පෙනහළු තුළ කැරලි ගහද්දි මට නැවතත් මගේ හීනෙට යන්න පුළුවන් වුනා. ළමා සාරිය, කළු ලෙදර් සපත්තු, අත්තටු, ඇගෙ මූණ. ඇයි මට හිතෙන්නෙ මේ හීනෙම මම කලින් දැකල තියෙනව කියල. එක්කො මම බලපු ෆිල්ම් එකක තිබ්බද, නැත්නම් මොකක් හරි වීඩියෝ එකක තිබ්බද, ඇඩ් එකක, මියුසික් වීඩියෝ එකක..මොන මගුලක හරි මම මේක දැකල තියෙනව කියල මට සැරෙන් සැරේ හිතෙනව. මට හිතුන මේක කාට හරි කියන්න. කාගෙන් හරි අහන්න. මගේ හීනය තෝරලා දෙන්න කියන්න. ඒත් ඒකෙන් ඇති වැඩේ මොකද්ද? වැඩක් තිබුනත් නැතත් අඩු තරමේ මගේ හිතට සැනසිල්ලක් දැනේවි. සිගරට් බට් එක ඈශ්ට්‍රේ එක පතුලෙ තනි කරල මම කෝල් එකක් ගත්ත මගේ අතිජාත යාළුවෙකුට. ඒ වෙලාවෙ ඔහුටම කෝල් කලේ ඇයි? වෙන යාළුවෙක් මතක් නොවී ඔහුවම මතක් වුනේ ඇයි කියන එක ගැන කිසිම දෙයක් ඒ මොහොතේ හිතුනෙ නෑ. නිතරම මම ෆිල්ම්, මියුසික් බෙදා හදා ගන්නෙ ඔහුත් එක්ක. සමහර විට  ඒ නිසා මම ඔහුටම කෝල් කරන්නැති.

"හලෝ ලොකු අයියේ..."

"හෙලෝ බ්‍රදර්!"

මෙහෙම අරම්භ වෙච්ච කතා බහේ මැදක් හරියෙදි මම මගේ හීනෙ මගේ යාළුවට එළි කලා.

"මචං මම ඊයෙ මාර හීනයක් දැක්කනෙ"

"ආ දැං උඹට හීනත් පේනවද?"

"කුණුහර්ප නැතුව මේක අහපං බං"

මගේ හීනය මම දිගටම කියාගෙන ගියා. හීනය කියල ඉවරවුන ගමන් මගේ යාළුව හිනා වෙන්න පටන් ගත්ත.

"බ්‍රදර් උඹත් හරියට සෑඩ්නස් ඔෆ් සෙක්ස් එකේ බැරී යෝග්‍රො වගේනෙ"

මම අහන්න හිටපු ප්‍රශ්නෙට අහන්නත් කලින් උත්තර ලැබුන බව මට තේරුණා. නමුත් මට උත්තරේ තවදුරටත් පැහැදිලි කරගන්න ඕන වුනා. 

"මචං ඒක මොකද්ද? ෆිල්ම් එකක්ද? ඒකෙත් මේ වගේ හීනයක් තියෙනවද?"

"ඇයි බං උඹට මතක නැද්ද? මම මාස දෙක තුනකට කලින් උඹට ලින්ක්ස් වගයක් මේල් කළා. ෆිල්ම් එකක් වුනාට ඩීවීඩී එකක් නම් හොයාගන්න නෑ. ඒත් නෙට් එකේ තියෙනව ෆිල්ම් එකේ එපිසෝඩ්ස් ටිකක්. උඹේ හීනෙ ඒකෙ නෑ. ඒත් ඒකෙ තියෙනව ඔය වගේ සිටුඒශන් එකක්"

සෑඩ්නස් ඔෆ් සෙක්ස්, නම හුරු පුරුදු බවක් දැනුනත් මම දැකපු හීනය සහ ඒ නම අතර සම්බන්ධතාවක් එක පාරටම මගේ ඔළුවට ආවෙ නෑ.

"හරි මචං නෙට් එකේ බලන්නං"

එහෙම කියල කතාවට තිතක් තියල මම දුවගෙන ආවෙ කම්පියුටර් එක ළඟට. Sadness of Sex කියල ගූගල් එකේ ගහල සර්ච් කළා. රිසල්ට් ලිස්ට් එකේ මුලින්ම තිබ්බ ලින්ක් එක ෆිල්ම් එක ගැන විස්තර දුන්න. ලිස්ට් එකේ දෙවැනියට තිබ්බ වෙබ් සයිට් එක මාව මගේ හීනයට ගෙනිච්ච. දෙයියනේ මේ තියෙන්නෙ.The Sadness of Sex, Episode 1- Poison. දාල තිබ්බ පින්තූරෙ ඉන්නෙත් තටු තියෙන කෙල්ලෙක්. නොඉවසිල්ලෙන් මම ඒ වීඩියෝ එක ඕපන් කරල විනාඩියක් දෙකක් බලාගෙන හිටියත් ඒක හරියට ලෝඩ් වුනේ නෑ. දෙයියනේ මට මේක බලන්න වාසනාව නැද්ද? ඒක එහෙමම තියෙද්දි මම යූටියුබ් සයිට් එකට ගියා. ඒකෙ ගැහුව ද සෑඩ්නස් ඔෆ් සෙක්ස් කියල. රිසල්ට් එක හැටියට ආපු ලිස්ට් එකේ උඩින්ම තිබ්බ මගේ හීනය. ඒක ඉක්මණටම ලෝඩ් වුනා.



මම එක පාරක් නෙමෙයි, ඇත්තම කියනව නම් මම ඒ වීඩියෝ එක මුල ඉඳල අගට තුන් හතර පාරක්ම බැලුව. එවෙලෙ මගේ හීනය සහ මේ විඩියෝ එකේ අවස්ථා සම්බන්ධය මට ගලපගන්න පුළුවන් වුනා. ඔව් මම ඒක කලින් දැකල තිබ්බ. වීඩියෝ එක බලන මගක් හරියෙදිම මට ඒක තේරුණා. ඒ කියන්නෙ මම කලින් දැකපු ඒ රූප රාමු එක්ක මගේ හිත ඇතුලෙ පොරකන මේ කෙල්ල එකට එකතු වෙලා මගේ හීනෙට ඇතුල් වෙලා තියෙනව. මම අහල තියෙනව සමහර වෙලාවට කෙනෙක් හීනයක් විදියට දකින්නෙ තමන්ගේ උපවිඥානයේ තියෙන දෙයක් කියල. මගේ කරුමෙට හීන පිළිබඳව මම ඊට වඩා දෙයක් දැනගෙන හිටියෙ නෑ. ඒත් ඒ රූප රාමුත් මගේ හීනයත් අතර වෙනසක් තිබ්බ. ලොකු වෙනසක්. මම දැකපු ඒ කෙල්ල ඇඳගෙන හිටියෙ ළමා සාරියක්. ඇයි ළමා සාරියක්? අනේ මන්ද.. කොහොමද මම මේ අවුල විසඳගන්නෙ? මම ආයෙත් ඒ වීඩියෝ එක බැලුව. ෆිල්ම් එකේ කතාව කියාගෙන යන චරිතය මමද? කතාවට අනුව ඔහු ඒ විස්තර කරන්නෙ ඔහුගේ ප්‍රේමය ඇතිවූනු විදිය ගැන. වීඩියෝ එකේ මුල් හරියෙ තියෙනව When love enters through the eyes it is like a Thunderbolt කියල. අන්තිමට ඔහු කියනව The girl of my dreams, the Juliet to my Romeo, the Jane to my Tarzan කියල. මට එක පාරටම හිතුන, ඇත්තටම මම හීනෙන් වත් එහෙම දෙයක් හිතන්න නැතුව ඇති.

ආදරේ!

දෙයියනේ ඒ කියන්නෙ මම ඒ කෙල්ලට ආදරේ කරනවද? එකම එක පාරක් විතරක් දැකපු, මගෙන් සිගරට් එකක් ඉල්ලපු, කවුද කින්ද මන්ද කිසිම දෙයක් නොදන්න, ආයෙ කවදා මුණ ගැහේවිද කියලවත් නොදන්න ඒ කෙල්ලට මම අදාරේ කරන නිසාද මේ වගේ හීනයක් මම දැක්කෙ? දෙයියනේ මොකද්ද දැං මං කරන්නෙ?

(ඔව් මං ලියනව. කොහොම හරි හිත හදාගෙන ලියනව.)


17 comments:

  1. නොදරුවා බලාගෙන. ආදරේ සෙල්ලමක් නෙමෙයි. මේ ඇත්තටම ආදරයක්ද??? නැත්තං උඹටත් ඒකිටත් පොදු සිගරට් එක නිසා ඇතිවෙච්ච තාවකාලික හැඟීමක්ද...

    ReplyDelete
  2. ආ...මාර වැඩේ නේ ..අපි නම් හිතුවා මුලදිම ඕක ඔහොම වෙයි කියලා ;-)

    ඊළගට වෙන දේ බලා ගන්න..අපි මග බලන් ඉන්නව !

    ReplyDelete
  3. මම නමක් කියන්නද මචං..."ගොරක කතා"

    ReplyDelete
  4. මල්ටිමීඩියා නවල් එකක් කියවන පළමු වැනි වතාව..., මීට කලින් ඕඩියෝ පොත් භාගත කරගෙන අහල චිත්ත රූප මැව්ව ට රූප සද්ද අකුරු එක්ක කියවන මුල්ම කතාව...!
    ස්තූතියි උඹට..!

    ReplyDelete
  5. මේ බ්ලොග් එකේ වම් පැත්තෙ අකුරු 2ක විත‍ර සිරස් තීරුවක් පේන්නෙ නෑ නෙ. කලු පාටින් වැහිල තියෙන්නෙ....
    ඕනෙකමින්ද ඒක කරල තියෙන්නෙ?
    Firefox 3, Chrome 3, Win XP sp3

    ReplyDelete
  6. අඩේ ෆිල්ම් එකක්ටත් වැඩිය උඹේ මේ විදිහ, මේ කතාව හොඳයි නෙව! අපේම චිත්තයෙන් අපේම විදිහට කතාව මවා පානවා, ඒ මදිවට ඒ අස්සේ දෘෂ්‍ය ශ්‍රව්‍ය මාධ්‍යට අමුද්‍රව්‍ය හා විඩීයෝ කෑලිත් Embed කරලා එක්ක!ඔය Audio Book එකක් Drama එකක් හරි කවුරු හරි කියවන කියන කතාවක් පොතක් බිලෝගයක් යන එව්වායෙන්වත් ඔය වගේ අත්දැකීමක් ලැබිලා නෑ නෙව!

    දිගටම ලියපං පුතේ දිගටම ලියපං, පරිගණකයෙන් ආශ්වන මාධ්‍යයෙන් දෙන්න පුළුවන්කම තිබ්බා නම් උඹ කොහොම සුවදවල් කවයිද මන්දා අම්මා මාව ගෙදරින් දොට්ට දාන තරම්! =oD හඃහඃ

    සුභ පැතුම් මචෝ, මටම නොදකිං මචං උඹේ පහුගිය කෑලි තුන දැක්කේ නෑ නෙව! සොරි වෙන්න ඕනේ ආයුබෝවන්ඩ!!!

    ReplyDelete
  7. මරේ මරු නොදරුවෝ

    ReplyDelete
  8. :0 මං මුලින් හිතුවේ මේක නිකමට ව‍ගේ ලියපු නවකථාවක් කියලා.. දැන් නම් මේක කොහොම මොකක්ද කියලා මට හිතා ගන්න වත් බෑ

    ReplyDelete
  9. ah . . meka kiweewane . .dan godak dawas . . sama wenna mama hituwe meka 8 weni kotasa kiyala . . mata dana ganna ona une meke anith ktasa ko kiyala machan . . hiks

    ReplyDelete
  10. නොදරුවා, තනිව ආවෙමි. සියල්ල කියවීමි. බැලූ බැලූ බොහෝ දනා කොමෙන්ට් දමා ඇති බැවින් කොමෙන්ට් නොදැමීමි.

    දොරකඩට ඇවිත් සිගරට් එකක් ඉල්ලන කෙල්ලෙක්. ෂා...... මාර අයිඩියා එකක්. මාර නැවුම්. ෂොට් එකක් අරගෙන හිත හදාගෙන කථාව ඉදිරියට ලියමු. මෙන්න මං ගානේ ජැක් ඩැනියෙල්ස් එකක්.

    - ලොස්ට්INරොමෑන්ස් -

    ReplyDelete
  11. Thanks for dropping the e mail. As usual im totally enjoying your unorthodox writing. Keep it coming Nodaruwa.

    nadun/a forsaken soul/a fluid mirror/a sweet thing/the boy with too many names

    ReplyDelete
  12. නියමයි මචෝ ඔහොම්මම යමු....

    ReplyDelete
  13. හප්පේ දැන්නෙ මේක දැක්කෙ. ඔෆිස් එකේ වැඩ ඔක්කොම පැත්තකට දාල ඔන්න එක හුස්මට මුලු කොටස් නමයම කියෙවුව. කියුවත් වගේ ඇයි මේක සින්ඩියෙ නැත්තෙ !
    ඉතුරු කොටස ලියපු ගමන්ම පුලුවන්නම් mail එකක් දමනු මැනවි.

    ReplyDelete
  14. ම්ම් හිතා ගන්න බැ මොකදද මේ වෙන්නෙ කියලා
    සිගරට් .... කෙල්ලෙක්
    ගැලපීමක් නැත්තෙම නැ කියලා හිතන්න එපා
    කොතන හරි තැනක ගලපගන්න දෙවල් එකතු වෙල තියෙනවා
    කියවන මමත් මඟ බලන් ඉන්නවා

    ReplyDelete
  15. සටපික්වලයාApril 21, 2010 at 4:20 PM

    ටිකක් නරකයි තමා ඒත් සිගරට් එක්ක මාත් සෑහෙන තරම් සම්බන්ධයි ඕක නිසා වෙච්ච අකරතැබ්බවල් අත්දැකීම් නම් මහ ගොඩක් තියෙනවා..එත් අප්පා මෙක හීනයක් උනත් අමුතුම නැවුම් මට නම් ජීවිතෙටවත් හිතිල නැති එකක්...හොඳයි මචන් අපි බලන් ඉන්නවා කතාවේ ඉතුරු ටික මොකද වෙන්නෙ බලන්න,වෙලාව කියල බලන්නෙ නැතුව ඔෆිස් එකේ ඔක්කොම වැඩ ටික අල්ලලා දාලා කතා නවයම කියෙව්වා...ඉතුරු එකත් දාපන් ඉක්මනට.... මමත් අද දුමක් දාන්න ගියම බලන්න ඔනි කෙල්ලෙක් ඇවිල්ලා සිගරට් එකක් ඉල්ලයිද කියලා.. ලොල්ල්ල්

    ReplyDelete
  16. නිල්මිණිMay 18, 2010 at 4:22 PM

    කථාව හරි වෙනස් මම කොටස් 09ම කියෙවිවා ඉතුරැ ටික ඉක්මනට ලියන්නකෝ කථාවේ හරි අමුතු ලස්සනක් තියනවා

    ReplyDelete