Pages

Tuesday, March 24, 2009

මගේ රාවණා

ඩෝසන්ගෙ ක්වොන්ටම් ලෝකයේ තියෙන රාම රාවණා කතාව දැකල මට මෙහෙම ලියන්න හිතුන. ඩෝසන්ගෙ ලිපියේ අදහස සහ මම මේ කියන්න උත්සහ කරන බයිලාවෙ කිසිම සම්බන්ධතාවයක් නම් නැතුව ඇති.

"රාමායණය" මම මීට අවුරුදු කීපයකට කලින් ටීවී එකේ යනකොට පුදුම අසාවකින් බැලුව නාට්ටියක්. නාට්ටියෙ හොඳම සහ ආසම කරන හරිය තමා රාම රාවණා යුද්ධය. දැන් ආයෙත් රාමායණය පෙන්නනව ශක්ති ටිවී එකේ. මතක හැටියට ඉරිද උදේ 10.30 පෙන්නන්නෙ. ඉතින් මම ආයෙත් දැන් රාමායණය බලනව. ඉස්සර රාමායණය බැලීම සහ අද රාමායණය බැලීම කියන කාරණා දෙක අතර ගෙවුන කාලය තුල හුඟක් දේවල් වෙනස් වෙලා. මමත් වෙනස් වෙලා (මම එහෙම හිතනව ). ඉතින් දැන් මේ මඟුල බලද්දි මට එන්නෙ වෙනම ආතල් එකක්. ඒ ආතල් එක මම මේ විදියට ලියන්නම්. අනේ ඉතිහාස කාරණා පිළිබඳව මගේ දැනුම අල්පයි. දන්න ටිකෙන් බැලන්ස් කරන්නම්. වරදක් ඇතොත් පෙන්වා දෙන සේක්වා!

හුඟක් හින්දි ෆිල්ම් බලනකොට දකින දෙයක් තමයි "රාම දෙවියන් වැඳීම" සහ "හනුමාන් දෙවියන් වැඳීම". මේ චරිත නිර්මාණය වෙන්නෙ රාම සීතා කතාව හරහා වෙන්න ඕනෙ. ඒ වගේම ඉන්දියාවෙ ඇත්තටම රාම, හනුමාන් ඇදහිල්ල තියෙනව මම දන්න තරමින්. එහීදී රාවණාගේ මහා පිළිරුවක් හදල ඒකට ගිනි තියල මහා ඉහළින් රාමගේ ජයග්‍රහණය සමරනව. මට තියෙනව ගැටළුවක්.

ඇයි ලංකාවෙ ඉන්න කවුරුත් රාවණාව අදහන්නෙ නැත්තෙ? අදහන්න ඕනෙ නෑ කියමුකෝ. අඩුගානෙ ඇයි රාවණා ගැන කතා කරන්නෙවත් නැත්තෙ?

ඉතිහාස කතාවට අනුව රාවණා කියන්නෙ සුර, අසුර දෙපාර්ශවයම බය කරගෙන හිටපු පොරක්. ලංකාපුරය කියන්නෙ මෑන්ගෙ රාජධානිය. ඒ කියන්නෙ අපේ රටේ ඉඳල තියෙන්නෙ ඒ කාලෙ ලෝකෙම හොල්ලගෙන හිටපු චරිතයක්. කතාවට අනුව හනුමා හිටියෙ නැත්නම් රාම තාම හොයනව සීතව. දැන් මේක කියවන කෙනා මට පිස්සු කියල හිතනව ඇති. ඒත් නිකමට හිතන්න ඇයි රාවණා චාටර් චරිතයක් බවටත් රාම හොඳ කොල්ලෙක් බවටත් පත්වුනේ කියල. රාවණා චාටර් වෙන්නෙ සීතා දේවිය පැහැර ගැනීම නිසා. සීතාව බේරගන්න දුන්නු ගේම නිසා රාම හොඳ කොල්ලෙක් වුනා. ඒත් මට මතක විදියට (වැරදි නම් සමාවෙන්න) සීතාව ගැබ් ගත්තහම රට වැසියා පිස්සු නටන්න ගත්තලු දරුවගේ පියා ෂුවර් නෑ කියල. ඉතින් රාම ලක්ෂ්මන ලවා සීතාව කැලේ අතරමං කරල දැම්මලු. අන්තිමේ සීතාව නැවත භාර ගත්තේ අග්නි පරීක්ෂාවද මොකද්ද කියන කෙලිය කරලලු. ඒ කියන්නෙ රාම ළඟ පාත ඉන්න කොටත් සීතාවට මහලොකු හොඳක් වෙලා නෑ වගේ.

එතකොට ගැටළුව තමයි රාවණා සිතාව පැහැර ගැනීම වැරදි වීම සහ අච්චර කල් රාම වෙනුවෙන් පතිවත රැක්ක සීතාවගේ පතිවත පරීක්ෂා කරන්න අග්නි පරීක්ෂාව කිරීම පිළිබඳව ලොකුවට කතා නොකිරීම.

අනේ මන්ද මම මේ වැල් වටාරම් අස්සෙ කියන්න උත්සහ කරන ඉලව්ව තේරෙනවද දන්නෙ නෑ. කෙසේ වෙතත් දැන් රාමයණය බලද්දි මට රාවණාව පේන්නෙ පොරක් විදියට. අනික ගෑනු ඉස්සිල්ල ඒ කාලෙ ලොකු වැඩක්. අහල ඇතිනෙ අපේ රජ වරුන්ගේ අන්තඃපුරවල කොච්චර කොච්චර හිටියද කියල. මට මළ පනින්නෙ අර රාවණාගේ මල්ලි (මං හිතන්නෙ විභීෂන ) ගැන. අච්චර ගේමක් දුන්නු රාවණට කෙලවෙන්න එක හේතුවක් එයා. කොහොම හරි අද වෙනකොට එයත් දෙවි කෙනෙක් හැටියට සලකනව මං හිතන්නෙ. කොහොමින් කොහොම හරි ඔළු දහයක් තිබ්බ, ප්‍රථම වතාවට උඩින් යන්න පුලුවන් වාහනයක් තිබ්බ, ලෝකෙම හොල්ලගෙන හිටපු අපේ කොල්ලෙක් වෙච්ච රාවණා ගෑනු හොරෙක් වෙලා, සීතා අග්නි පරීක්ෂාවට ලක් වෙද්දි බකංනිලාගෙන හිටපු රාම පොරක් වුනා. ඉතිං මොකද්ද මේ ගැන හිතෙන්නෙ?

මං තව කාරණයක් කියන්නම්. මට නම් ඉතිහාසය කතාවක්. ඉතින් රාමායණය කියන ඉතිහාස කතාව මගේ ඔළුව ඇතුලෙ දුවන්නෙ ඔය විදියට. අනික මම මේ ඉතිහාස කතා බයිලාව කියල, ඒ බයිලාවට මම කැමති තාලයක් දාල කියන්න උත්සාහ කලේ වෙනමම දෙයක්. සමහර වෙලාවට බහුතරයකගේ දුශ්ටයාට තනිවම ආදරේ කරන්න පුළුවන්. හැම කතාවක් ඇතුලෙම තව කතාවක් තියෙන්නත් පුළුවන්.

"අනේ රාවණ, මේක කියවන රාමට කැමති හැමෝගෙන්ම මාව රැක ගනු මැනවි."

14 comments:

  1. කතරගම කිරිවෙහෙරට යන පාරෙද කොහෙද රාවණා පිළිමයක් හදලා තියනවා. මාත් ඔයා කියන රාමායණ දෙකම බලලා තියනවා. අර විභීෂණ පාව දුන්නේ නැත්තං රාවණාව පරද්දන්න බැරි වෙනවා. අපේ අයියලගේ වැඩ තමයි ඉතිං ඒ.. අදටත් ඉතිං ඉන්නේ ඒ පරම්පරා වලින් පැවතෙන අයනේ.. ඒකනේ තාමත් රාම විතරක් හොදයි කියන්නේ.

    ReplyDelete
  2. ඉතිහාසය ලියවෙනු ලබන්නේ වීරයන් එල්ලා දැමූ පිරිස අතින්ය.

    ReplyDelete
  3. විභීෂන ගොයිය තමයි වැඩේ අවුල් කලේ. හබැයි දැන් එයා දෙයිය වෙලා..

    ReplyDelete
  4. මචෝ, සොරි වේවා මට අද තමා මුලින් ඔයාගේ එක කියවන්න හම්බ වුණේ. මචං උඹ කියන එක ඇත්ත තමා, ඉතින්ං චමිලයි මලී අක්කායි එකතු වෙලා කියන එව්වා තමා කියන්න තියෙන්නේ, කෝ ඉතිං අපේ කාටහරි (කාටද කියලා කියන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා) මොකක් හරි කිව්වොත් බළල් පවුලේ සතෙක්ගේ නමක් දාලා කතා කරත් අපේ රාවණගේ පොඩි වැඩක් හින්දා ඔච්චර කඩේ යන එකට මුකුත් නො කියන්නේ මොකෝ? අනික මචෝ, කවුද දන්නේ සීතාගේ අතීතේ?

    ReplyDelete
  5. භද්‍රජී මහින්ද ගුණතිලකගේ ශ්‍රී රාවණ්නා පුවත කියවන්න අමතක කරන්න නම් එපා.

    ReplyDelete
  6. මෙන්න රැඩිකල් හිතිල්ල....

    ReplyDelete
  7. ඇත්තටම රාමා, සීතා, රාවණ යන තුන්දෙනාගේ මේ කතන්දරය හරහා මට ඔය හැමෝගෙම අවධානය යොමු කරන්න ඕන වුනා තවත් පැත්තකට. කීදෙනෙකුට ඒක හරියට සෙට් වුනාද කියල මම දන්නෙ නෑ.

    "සමහර වෙලාවට බහුතරයකගේ දුශ්ටයාට තනිවම ආදරේ කරන්න පුළුවන්. හැම කතාවක් ඇතුලෙම තව කතාවක් තියෙන්නත් පුළුවන්."

    මෙන්න මේ කොටස ගැන නිකමටවත් මොනවත් හිතුනද?

    ReplyDelete
  8. දැන් මේ යාහූ එකේ කථාවත් එක්ක මට මේක නොලියා ඉන්න බැරි සීන් එකක් තියෙන්නේ...

    රාමායණයේ කියලා නැද්ද බං රාවණා සීතාට ලවි කරපු හැටි...

    ReplyDelete
  9. මම එහෙම එකක් නම් අහල නෑ මචන්. දන්නව නම් කියපන්.

    ReplyDelete
  10. භද්‍රජී මහින්ද ගුණතිලකගේ ශ්‍රී රාවණ්නා පුවත ෙපාතට අනුව සීතා කියන්ෙන් රාවණාෙග් දුව.ඒ ෙපාත කියවල බලලා රාවණා ගැන ෙහාදට දැනගන්න.

    ReplyDelete
  11. රාම රාවණා කෙලිය තවත් එක හින්දි චිත්‍රපටියක් වගේ. කොල්ලයි කෙල්ලයි ඉන්න කොට දුෂ්ඨයා පැනලා කෙල්ලව උස්සනවා. ඔන්න කොල්ලට ඩෝං ගිහිං දුෂ්ඨයා මරල කෙල්ලව ගෙනියනවා.

    හැබැයි මෙතන තව එකක් තියෙනවා. දුෂ්ඨයා අපේ පොරක්. රාවණා පාවා දෙන්නෙ සහෝදරය විභීෂණ. එතනදී කතාව අපිට සමීපයි. අපේ ඉතිහාසය පුරාවට යටත් කරන්න බැරි විශිෂ්ඨ අපේ රජවරු, අපේම කට්ටිය පාවා දීම නිසා මැරුම්කන්න වෙච්ච සිද්දි අහන්න පුළුවන්.

    කොහොම උනත්, රාවණා දුෂ්ඨයා වෙන්නෙ පැරදුන නිසා. ජයග්‍රාහකයා නියම වීරයා. ඒක එදා විතරක් නෙමේ අදත් දකින්න තියෙන සත්‍යක්.

    හැබැයි අපි ලෝකෙම හොල්ලපු අපේ මෑන් ගැන කතා කරනවා මදියි කියන කාරණයට මම සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete
  12. හරි ලස්සනට පොයින්ට් එකට ලියල තියෙනවා..

    ReplyDelete
  13. පාවා දෙන්නෙ අපේම උන් තමා

    ReplyDelete
  14. සීතා කියන්නෙ රාවනාගේ එක කුස උපන් සොයුරිය බවත්, ඇය නිසා ලංකාපුරය මහා ව්‍යසනයකට පත්වනබව දෛවඥයන් පැවසීම නිසා බිළිඳු වියේම ඇයව ඔරුවක බහා සයුරට පා කර යැවූ බවත් භාරතය දෙසට පාවී ගිය ඔරුව තුල සිටි බ්ළිඳියගේ දේහ ලකුණින් ඈ රජ කුමරියක බව දැන රජ මාළිගයට භාරදුන් පසු එහි හැදී වැඩී රාම හා විවාහ වූ බවටත් සඳහනක් තිබේ. ඒ වග රාවණා දැන ගන්නේ ඈ ලංකාපුරයට පැහැරගෙන ආ පසුව බවත් සඳහන් වෙන්නේ ආචාර්‍ය මිරැණ්ඩෝ අබේසේකරයන්ගේ ග්‍රන්ථයකයි.

    ReplyDelete